* “සම්බුද්ධ ජයන්තිය”
අභිමානවත් ලෙස සමරන්න
ලෝකවාසී බෞද්ධ ජනතාවම
සූදානම්. “සම්බුද්ධ ජයන්තිය”
යන වචනයේ අර්ථය පැහැදිලි
කළොත්?
ලෝකයේ කොතෙකුත් ශාස්තෲවරුන්
පහළ වුණත් ඒ සියලු ශාස්තෲවරු
චතුරාර්ය සත්‍ය
දේශනා කරන්නේ නැහැ.
චතුරාර්ය සත්‍ය ධර්මය
දේශනා කරන්නේ සම්‍යක් සම්බුදු
රජාණන් වහන්සේලා පමණයි.
මේ මහා භද්‍ර කල්පයේ හතරවන
වරට පහළ වන්නේ ගෞතම නම්
බුදුරජාණන් වහන්සේයි.
බුද්ධත්වය පිණිස යම් කෘත්‍යයක්
තිබේ නම් එය සාරාසංඛෙයිය
කල්ප ලක්ෂයක් පෙරුම්
පුරා සම්පූර්ණ කළ යුතුයි.
එදා දීපංකර පාදමූලයෙහි සිට
නියත විවරණ ලබා බුද්ධත්වය
පිණිස යම් කෘත්‍යයක් වේද එය
ඥාති චර්යාව, ලෝක චර්යාව,
බුද්ධ චර්යාව යනාදී ලෙසින්
සිදුකරනු ලැබුවා. දාන, ශීල,
භාවනා ආදී ක්‍රියාවන් මුල්කර
ගනිමින් දස පාරමිතා,
පාරමිතා උප පාරමිතා පුරමින්
උන්වහන්සේ උතුම් බුද්ධත්වය
ලබා ගත්තා.
”සම්බුද්ධත්ව ජයන්තිය” යනුවෙන්
අදහස් කරන්නේ බෝසතාණන්
වහන්සේ බුද්ධත්වයට පත් වූ
දා සිට, එහිදී මේ වන විට වසර
2599 ක් ගත වී ඇති අතර,
එළඹෙන වෙසක් හෝ දිනයේදී
වසර 2600 ක් සම්පූර්ණ
වෙනවා. මෙහිදී අවධානය යොමු
කළ යුතු වන්නේ සම්බුද්ධත්ව
ජයන්තිය යනු බුද්ධත්වයට
පත්වීමෙන් පසු මේ දක්වා ගතවුණු
කාලපරාසයයි.
මෙහිදී “සම්බුද්ධ” සහ
“සම්බුද්ධත්ව ජයන්තිය”
කියන්නේ අර්ථ දෙකක්. මෙතනදී
වෙසක්වලදී අපි ගණනය
කරන්නේ පිරිනිවන් පාලා වසර
2555 ක් ගතවීමයි. අපි
“සම්බුද්ධත්ව ජයන්තියේදී”
සමරන්නේ එතනට තවත් වසර 45
ක කාලයක් එක්කරමින්. ඒ
උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ
දා සිටයි. මේ අර්ථ අතර වෙනස
මූලිකව ම අප පැහැදිලි කර ගත
යුතුයි.
තෙරුවන් සරණයි!
Subscribe to:
Post Comments (Atom)
නියම අදහස් ටිකක් ඔබට පිං
ReplyDeleteමේ තරම් වටිනා දාර්ශනික මනසක් ඔබට තිබේ යෑයි මා සිතුවේ නැත.ඉතා වටිනා වු මෙම අදහස් කීපය උසස් ලෙස අගේ කරන්නෙමී.
ReplyDelete