ප්‍රසිද්ධ ලිපි

Tuesday, July 5, 2011

07වන අකුසල කර්මය වන සම්ඵප්‍රලාප

යම් කිසි කතාවක් එය
කියන
තැනැත්තගෙ හෝ අහන
අයගේ මෙලොව පරලොව
යහපතට හේතු
වෙන්නෙ නැත්නම්.
හුදෙක් කෙලෙස්
වැඩීමටත් යම් කිසි
යහපතක් සිදුකර
ගැනීමට තිබෙන
කාලය
නිකරැණේ ගෙවී
යාමක් පමණක්
සිදුවෙනවනම් ඒ
කතාව සම්ඵප්රලාප
කියල හඳුන්වනව.
සම්ඵප්රලාප අකුසලය
සිදුවීමට
බලපාන්නෙ කරැණු
දෙකයි.
1.අසන හා කියන
දෙපක්ෂයටම වැඩක්
නැති කතාවක්
කීමේ සිතුවිල්ල
2.එවැනි කතාවක් කීම
සම්ඵප්රලාප කියන
කෙනා තමන්ගේ කාලය
නාස්ති කරනව
විතරක් නෙමෙයි
අනිත් අයට වෙනත්
හොඳවැඩක් කරන්න
තියන කාලයත්
නාස්ති කරනව. ඒ
විතරක් නෙමෙයි
සමහර
කතා නිසා අහගෙන
ඉන්න අයගෙ කෙලෙස්
ඇවිස්සීමෙන් ඒ අයව
තවත් අකුසල් කරන්න
පොළඹවනව.ඒ හින්ද
සම්ඵප්රලාපයෙන්
වැලකෙන්නකියල
බුදුන්
වහන්සේ දක්වල
තියනව.
තැන් තැන් වල කල්ලි
ගැහිල කරන අනවශ්ය
විහිළු තහළු
වලින් යුක්ත
කතා මෙන්ම අහන
කියන කාටවත්
ප්රයෝජනයක් නැති
ඇත්ත බොරැ මිශ්ර
කරල කියන කතාත්.
නරියගෙයි හාවගෙයි
කතා,
ඇම්ඩන්ගෙ කතා ආදියත් ,
කිසිදු
ප්රතිජනනාත්මක
අදහස් නැති දේශපාලය
පිළිබඳකතා මෙන්ම
රාම රාවනා වැනි
ප්රබන්ධාත්මක
කතාත්සම්ඵප්රලාප
ගණයට අයත් වෙනව.
යම් කිසි උපදේශයක්
ඉගැන්වීමට ප්රබන්ධ
කරන ලද කතා අසත්ය
වුනත් ප්රයෝජනයක්
තිබෙන හින්ද
ප්රලාප වලට අයිති
වෙන්නෙ නැහැ.
කියන ලද ප්රලාප
අනිත් අය
පිළිගත්තොත්
අකුසලයවිශාලයි.
පිළිගත්තෙ නැත්නම්
කුඩාඅකුසලයක්
වෙන්නෙ.
සාමාන්යයෙන්
සම්ඵප්රලාප හින්ද
සිදුවන අකුසල්
විශාල නැහැ ඒත්
නැවත නැවත
වර්ණනා කර කර
රසවත් කර කර
කියන්න ගියොත් නම්
වැඩි අකුසලයක්
සිදුකර ගන්නව. අහන
කෙනා ඒව අහල
සිදුකරගන්න
අවැඩවල් වල
හැටියටත් මෙයින්
සිදුවන අකුසල්
ප්රමාණය වෙනස්
වෙනව. විශාල අකුසල්
සිදුනොවෙන හින්ද
මුසාවාදයෙ තරම්
විපාක
ලැබෙන්නෙ නැහැ මේකෙන්.

Tuesday, May 24, 2011

පරුෂ වචනය (දශ අකුසල් 6වන ලිපිය)

අසන්නාවූ තැනැත්තාගේ සිත්
රිදවන්නාවූ වචනය පරැෂ
වචනය වශයෙන් හඳුන්වනව. අංග
තුනක් සම්පූර්ණ වීමෙන් මෙම
අකුසලය සිදු වෙනව.
1. ආක්රෝශ කළ යුතු කෙනෙක්
සිටිය යුතුයි
2.ක්රෝධ සහගත සිතක් ඇතිවිය
යුතුයි
3.අන්යයන්ගේ සිත් රිදවන වචන
කිව යුතුයි
ආක්රෝශ කරල සිත රිද්දන්න
කෙනෙක් නැතිව සිත රිද්දන වචන
තනියම කිව්වට පරැෂ වචන
කීමේ අකුසලය සිද්ධ
වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින්
නැතිනම් කෝපයෙන් තොරව
පරැෂ වචන කිව්වත් අකුසල්
සිදුවෙන්නෙ නැහැ. ඒත් ‍එහෙම
කියල යාළුවන්ට ආදරෙන් කුණු
හරැප කියන්න යන්න එපා මොකද
කෝපයෙන් තොරව කිව්වත් අහන
කෙනා මොන මානසිකත්වයකින්
ඒක අහනවද දන්නෙ නෑනෙ.
සමහර විටක ඒක යාළුකම්
නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.
ආක්රෝශ
කිරීමේ ආකාර
දහය
අක්රෝශ කිරීමේ නැතහොත්
නින්දා පරිභව කිරීමේ ආකාර
දහයක් විනය පිටකයේ පාචිත්තිය
පාළියේ සඳහන් වෙනව. අපි
බලමු ඒව මොනවද කියල.
1. ජාතියෙන්
අක්රෝශ කිරීම.
පහත්යයි සම්මත ජාති ඇති
අයෙකුට අවමන් කරන්න රිදවන්න
ඔහුගේ ජාතියේ නම ගෙන
කතා කිරීමත්, උසස් යයි සම්මත
ජාති ඇති අයෙකුට පහත් ජාතියක
නමකින් කතා කිරීමත් පහත් ජාති
ඇති කෙනාට අවමන් පිණිස උසස්
ජාති ඇති අයට කියන නම් භාවිත
කිරීමත් මේ යටතට අයත් වෙනව.
2. නාමයෙන්
අක්රෝශ කිරීම.
ලෝකයේ ඒ ඒ ප්රදේශවල උසස්
කොට සලකන පහත් කොට සලකන
නොයෙක් ආකාරයෙ නම්
තියනවනෙ. පහත් යයි සම්මත
නමක් තියන කෙනෙකුට නිග්රහ
කරන්න පහත් නම් ගෙන
කතා කිරීමත් උසස් කොට සලකන
නම් තියන කෙනෙකුට නිග්රහ
කරන්න පහත් නමක් කීමත් පහත්
නම් ඇති අයෙකුට නිග්රහ කරන්න
උසස් නමක් ගෙන කතා කිරීමත්
මෙයට අයත් වෙනව.
3. ගෝත්රයෙන්
අක්රෝශ කිරීම.
ගෝත්ර කියල කියන්නෙ ඒ ඒ
ජාතිවල අයට වෙන් වෙන් වූ නම්
වලින් ඇති පරම්පරාවන්. පහත්
යයි සම්මත ගෝත්රයක කෙනෙකුට
නිග්රහ කරන්න එම
ගෝත්රයේ නාමය ගෙන
කතා කිරීමත් උසස් යයි සම්මත
ගෝත්රයේ කෙනෙකුට
නින්දා කරන්න පහත් ගෝත්ර
නාමයක් අරගෙන කතා කිරීමත්
පහත් ගෝත්රයේ කෙනෙකුට ඉහල
ගෝත්රයේ නම් ගෙන කතා කිරීමත්
මෙයින් අදහස් කරනව.
4. කර්මාන්තයෙන්
අක්රෝශ කිරීම.
ඒ ඒ රටවල් වල උසස් කොට
සලකන කර්මාන්ත තියනව පහත්
කොට සලකන කර්මාන්ත තියනව.
කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද
කරන වැනි කර්මාන්ත කරන
කෙනෙකුට අවමන් කරන්න
ඒවා ගැන සඳහන් කරමින්
කතා කිරීමත් වෙළඳාම් ගොවිකම්
වැනි උසස් කර්මාන්ත කරන් අයට
පහත් කර්මාන්ත කරන
අයගේ නමින් කතා කිරීමත් පහත්
කර්මාන්ත කරන අයෙකුට අවමන්
කරන්න උසස් කර්මාන්තයක් ගෙන
කතා කිරීම මෙයට අයත් වෙනව.
5. ශිල්පයෙන්
අක්රෝශ කිරීම.
වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම
වගේ පහත් යයි සම්මත ශිල්පයකින්
ජීවත් වන කෙනෙකුට
නින්දා කරන්න එම ශිල්පයන්ට
අයත් නමින්ම කතා කිරීමත්. උසස්
යයි සම්මත ශිල්පයන් කරන අයට
අවමන් කරන්න පහත් ශිල්පයන්ට
අයිති නම් වලින් කතා කිරීමත්
පහත් ශිල්ප කරන අයට උසස්
ශිල්ප කරන අයට භාවිතා කරන
දොස්තරයා ඉංජිනේරැවා වැනි
වදන් භාවිත කිරීමත් මෙයින්
අදහස් කරනව.
6. ආබාධයෙන්
අක්රෝශ කිරීම.
යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට
නින්දා කරන්න කබරයා,
ලාඳුරැවා, බීරා,
තට්ටයා වැනි වචන වලින්
කතා කිරීමත් එවැනි අබාධ නැති
අයට අපහාස කිරීමට එම වචන
යොදා ගැනීමත් මෙයට අයත්
වෙනව.
7. ලිංගයෙන්
අක්රෝශ කිරීම.
කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා,
බඩා, තඩියා,
නපුංසකයා වශයෙන්
ශරීරආකාරයන් ගෙන අනුන්ට
අපහාස කිරීම මෙයට අයත්
වෙනව
8. ක්ලේශයෙන්
අක්රෝශ කිරීම.
පෙරේතය, මසුරා, හිවලා,
සල්ලාලය යකා ගොනා යන නම්
වලින් ඒ තැනැත්තාගේ කෙලෙස්
ගැන නැතහොත් ගති ගුණ ගැන
සඳහන් කරමින් නින්දා කිරීම
මේ යටතට වැටෙනව.
9. ආපත්තියෙන්
අක්රෝශ කිරීම.
කරපු හරි නොකරපු හරි වරදක්
අල්ලගෙන නින්දා කිරීම මෙහිදී
විස්තර කරනව.
10.
ආක්රෝශයෙන්
ආක්රෝශ කිරීම.
ලෝකයේ අනුන්ට රිදවීමට
අපහාස කිරීමට පොදුවෙ කියන
නොයෙක් වචන තියනවනෙ බූරැව,
බල්ල ගෙන් පටන් අරගෙන
මවගෙ නිමිත්ත දක්වා යන. එක
එක කාලෙට වෙනස් වෙන වචනත්
තියනව. ඉතින් ඒවගේ දේවල්
කියල කෙනෙකුගෙ හිත රිද්දන එක
තමා මෙහිදී අදහස් කරල
තියෙන්නෙ. ඒව මෙතන කියන්න
බැහැ දන්නෝ දනිති නෙ.
පරැෂ
වචනයේ අල්ප
සාවද්ය
මහා සාවද්ය
භාවය හෙවත්
අකුසල් වල
කුඩා විශාල බව.
ගුණවත් අයට පරැෂ වචනයෙන්
බැණ වැදීමෙන් විශාල
අකුසලයක් කරගන්න පුළුවන්.
ගුණයෙන් හීන අයට බැණ්නට
එච්චර අකුසල්
සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන්
තමා හා සම වුන අයට බණින
කොට හරි නින්දා කරනකොට හරි
තමන්තුල කේන්තිය වැඩි නම්
විශාල අකුසලයක් සිදුවෙනව.
කේන්තිය අඩුනම් අකුසල් අඩුයි.
සිදුවන විපාක මුසාවාද
අකුසලයේ විපාකයනට සමානය

පිශුන වචනය (දශ අකුසල් 5වන අකුසලය)

යම් වචනයක් කියු විට
අහන කෙනාට තමාව
ප්රිය අයකු වෙලා වෙනත්
කෙනෙකු අප්රිය අයකු
බවට පත්වෙනවනම් එම
වචනය පිශුනවචනයක්
කියල හඳුන්වනව. තවත්
ක්රමයකට කිව්වොත්
සමඟියෙන් ඉන්න
දෙන්නෙක්ව වෙන් කිරීම
සඳහා කියන වචන පිශුන
වචන හෙවත් කේලාම්
කියල හඳුන්වනව.
පිශුන වචනයෙන් අකුසල්
සිදුවෙන්න කරැණු 4
සම්පූර්ණ වෙන්න ඕනෙ
1. භේද කළ යුතු අයෙක්
සිටීම
2.එම පුද්ගලයා සමඟ
තවත් අයෙකුව භේද
කිරීමේ අදහස ඇතිවීම
3.භේද කිරීම පිණිස යම්
කිසිවක් කීම
4.ඇසූ තැනැත්තා විසින්
එය තේරැම් ගැනීම
අනුන්ව බිඳවන්න කියන
වචන සත්ය වෙන්නත්
පුළුවන් අසත්ය වෙන්නත්
පුළුවන්. යම් කිසි සත්ය
කරැණක් වුනත් අනුන්
බිඳවීමේ අදහසක් නැතිව
කෙනෙකුට වෙන්න
පුළුවන් අන්තරායකින්
මුදවාගැනීම
සඳහාපැවසීමෙන් එයින්
දෙදෙනෙකුගේ බිඳිමක් සිදු
වුනත්කියපු කෙනාට
කේලාම් කීමේ අකුසලය
සිදු වෙන්නෙ නැහැ. ඒත්
සත්ය කරැණක් වුනත්
බිඳවන අදහසින් කියන
කෙනාට අකුසලය
සිදුවෙනව. කේලමක් කියූ
පසු අදාල පුද්ගලයන්
දෙදෙනා අතර භේද වීමක්
සිදුවුනේ නැත්නම් ඒක
සාමාන්ය අකුසලයක්
බවට පත් වෙනව. භේද
වුනොත් එය
මහා අකුසලයක් බවට
පත් වෙනව.
කේලාම්
කීමේ අකුසලයේ කුඩා විශාල
බව
බිඳවනු ලැබුයේ සීලයෙන්
ගුණයෙන් හීන අය නම්
කුඩා අකුසලයක්
සිදුවෙන්නෙ. ගුණවත්
අයව බිඳවීමෙන් විශාල
අකුසල් සිදුවේ. සත්ය
කරැණු කියා බිඳවීම
මගින් මඳ අකුසලයක්ද
අමුතුවෙන්
බොරැගොතා කීමෙන්
විශාල අකුසල්
ප්රමාණයක්ද හිමිවෙනව.
කේලාම් කීමට හේතුවුන
කෙලෙස්වල තියුණු බව
මඳ බව අනුවද සිදු වන
අකුසල් ප්රමාණය වෙනස්
වෙනව. කේලාම්
කීමේ විපාක කලින්
සඳහන් කළ
මුසාවාදයේ විපාකයන්ට
සමානයි

Sunday, May 15, 2011

දන් දීම (දානය)

බෞද්ධ වචන
මාලාවේ දානය යන
වචනයට සුවිශේෂි
ස්ථානයක් හිමි වේ.
සන්තානගත කෙලෙස්,
පහකොට නිර්වාණ සුවය
සාක්ෂාත් කිරීමේ විමුක්ති
මාර්ගයේ මූලික පියවර
වන්නේ දානයයි.
සමාජගත
දියුණුවේ පදනමක්
වශයෙන් ද දාන
සංකල්පය ක්රියාත්මක
කළ යුතු ආකාරය විවිධ
සූත්ර දේශනාවල සඳහන්
වේ.
ඒ අනුව පුද්ගලයාගේ සිට
පාලකයා දක්වාත්
පාලකයාගේ සිට
පුද්ගලයා (ජනතාව*
දක්වාත් අන්යොන්ය
වශයෙන් දානය හෙවත්
පරිත්යාගය සිදුවිය යුතු
බව බෞද්ධ ඉගැන්වීමයි.
රාජ්ය පාලකයා තම
ජනතාව උදෙසා කළ යුතු
යුතුකම් එනම් සතර
සංග්රහය වස්තු, දශරාජ
ධම_ ආදි ප්රස්තුතයන්හි
මුලින් ම සඳහන්
වන්නේ දානයයි. මෙහි
අදහස රාජ්ය පාලකයකු
ජනතාවට දන්දීම නොවේ.
ජනතාවගේ දිළිඳුකම
නැතිකිරීම පිණිස රාජ්ය
ධනය ක්රමානුකූලව
බෙදීයෑමට සැලැස්වීමයි:
රැකියා අවස්ථා සුලබ
කිරීමයි. රාජ්ය
පාලකයකුගේ යුතුකම
මෙන් ම වගකීම් ද
වන්නේ දාන සංකල්පය
ජනතාවගේ ආර්ථික
තත්ත්වය උසස් කිරීම
පිණිස ක්රියාත්මක
කිරීමයි. ඒ බව කූට දන්ත
සූත්රයෙන් පැහැදිළි වේ.
එනම්,
බමුණා පෙර මහා සම්පත්
ඇතිමහාවිජිත නම්
රජෙක් විය. ‘‘මතු හිතසුව
පිණිස යාගයක්
කරන්නේ නම් මැනවැ’’ යි
ඔහු සිතුවේ ය. පුරෝහිත
බමුණා කැඳවා එම අදහස
ඉදිරිපත් කොටයාගය කළ
යුතු ආකාරය විචාළේ ය.
රජතුමනි, ගම් නියම්ගම්,
නගර සොර බියෙන්
පීඩා විඳියි. මං පැහැරුම්
දක්නා ලැබේ.
මෙසේ උවදුරු ඇති රටකින්
අයබදුගැනීම ආදිය සුදුසු
නොවේ. විවිධ ද`ඩුවම්වලින්
සොර උවදුරු වැළැක්විය
නොහේ. එම
නිසා මෙසේ පිළි පැදීම
අගනේ ය. කෘෂි
කර්මාන්තයෙහි
යෙදුනවුනටධාන්ය බීජ
ආදිය ලබා දිය යුත්තේ ය.
වෙළඳාමෙහි යෙදුනවුනට
මුදල් ද
රාජකාරියේ යෙදුන වුනට
ආහාර පාන, මාසික
වැටුප් ආදිය ලබා දිය යුතු
යි. මෙසේ කළ පසු ඒ ඒ
ජනයෝ තම තමන් අයත්
කාරියෙහි නිසි
සේ යෙදෙති. සොරබිය
දුරුවෙයි. රජුගේ ආදායම
ද වැඩි වෙයි. රටෙහි උවදුරු
ද නැති වෙයි. මිනිස්සු
අඹුදරුවන් පෝෂණය
කරමින් සැකයෙන් බියෙන්
තොරවසුඛිත මුදිතව
වාසය කරන්නා හ. එම
උපදෙස් අනුව පාලනය
කරන්නේ රටෙහි
නිෂ්පාදනයන් වර්ධනය වී
රාජ්යය සමෘද්ධ විය. මින්
පැහැදිලි වන්නේ දාන
සංකල්පය රාජ්ය
පාලකයෙකු ක්රියාත්මක
කළ යුතු ආකාරයයි.
පාලකයාත් පාලිතයාත්
පුද්ගලයෙක්මයි. ඒ
නිසා ඔවුන්ගේ සන්තානගත
සිතිවිලික්රියාත්මක
ස්වරූපය සමාන
මූලයන්ගෙන් යුක්තයි.
සමාජ ස්ථර අනුව ස්වකීය
භූමිකාවට සුදුසු පරිදි
ක්රියා කිරීම ශීලාචාර
පුරවැසියන්ගේ ස්වරූපයයි.
එහිලා පුද්ගලයාගේ චිත්ත
සන්තානයේකිඳා බැස
ඇති ලෝභය නමැති
අකුසල මූලය පාලනය
කිරීමට දානය අත්යවශ්ය
සාධකයකි. ආශාව,
තණ්හාව, කාමය, රාගය,
කෑදරකම ආදි වශයෙන්
හඳුන්වන්නේ ලෝභයයි.
නැතහොත් ලෝභය
මුල්කොට ඇතිවන චිත්ත
ප්රවනතායි.
මේ නිසා ධනය
ලබා ගැනීමට සෑම
පුද්ගලයෙකුම උත්සාහ
කරයි.
මෙහි අප ධනය වශයෙන්
අදහස් කරන්නේ මූල්ය
සාධකය පමණක් නොවේ.
කෙසේ වුවත් ධනය හේතු
කොට පුද්ගලයාට විපතක්
ඇතිවන්නේ, ධනය
නිසා නොවේත ධනය
පරිහරණය අනුවම යි. එම
නිසා විමුක්තියට
බාධා නොවන පරිදි ධනය
පරිහරණය කරන අයුරු
බුදුදහමේ පෙන්වා දී
තිබේ. අනික් කරුණ
ප්රියජනක දේ භුක්ති
විඳීමට බෞද්ධ ඉගැන්වීම්
බාධා නුවුවත් ප්රියජනක
දේ කෙරෙහි ඇලී ගැලී
සිටීම විපතට හේතු වේ.
විමුක්තියට බාධාවකි.
දානය විමුක්තිය හෙවත්
සියල්ල නැතිකොට සසරින්
එතෙරවීමේ මාර්ගයේ මුල්
පියවර වහයෙන්
හැඳින්වූයේ එම නිසා යි.
ඇත්ත වශයෙන් ම ඉහත
සංකල්පයෙන් දැක් වූ
දේ පුළුල්ව සාකච්ඡුා කළ
යුතු වුවත් ඊට මෙය ඉඩක්
නොවේ. පුද්ගල
සන්තානයගත ලෝභය
නමැති
භූවල්ලා ක්රමක්රමයෙන්
නැති කිරීම පිණිස බෞද්ධ
සමාජයේ දානය
සංකල්පය පුළුල්ව
විකාශයට පත්ව ඇත.
විශේෂයෙන් ම විමුක්තිය
ලබා ගැනීම පිණිස දානය
ද සාංසාරිකව
පාරමිතාවක් වශයෙන්
ප්රගුණ කළ යුතු
ආකාරය දස පාරමී
ධර්මයන්ගෙන් ප්රකට වේ.
දානය යන පාලි
වචනයේ තේරුම දීමයි. ඒ
වනාහි පූජා වශයෙන්
හෝ අනුග්රහ වශයෙන්
හෝ සිදු කළ හැකි ය. දීම
සාමාන්යයෙන් එකක් වුව
ද පූජාය හා අනුග්රහය
(දානය* වශයෙන්
දෙයාකාරයි.
තමා හා සමාන වූ ද,
තමාට වඩා හීන වූ ද,
ගුණයෙන් යුත්
පුද්ගලයන්ට තම සතු
වස්තුව පරිත්යාග කිරීම
අනුග්රහ වශයෙන් දීමයි.
තමාට වඩා උසස්
ගුණයෙන් හෙබි බුද්ධාදි
උතුමන් වහන්සේලාට තම
වස්තුවදීම පූජා නම් වේ.
එම නිසා දුගී මගී
යාචකාදීන්ට හෝ උපාස
උපාසිකාවන්ට හෝ යමක්
පරිත්යාග කිරීම දානය
වශයෙන් ව්යවහාර කළත්
දානය පූජා කළ
හැක්කේ මහා සංඝරත්නයට
පමණයි. මෙහි දි
ප්රශ්නයක් මතු වේ. එනම්
දිය යුත්තේ කුමක්
සඳහා ද?
මේ සඳහා මහානිදාන
සූත්රයේ සඳහන්
දේශනාවක් වැදගත් වේ.
එනම්,
වේදනාව නිසා තණ්හාව,
තණ්හාව නිසා සෙවීම
වෙයිත සෙවීම්
නිසා ලැබීම් වෙයිත
අරමුණු ලැබීම්
නිසා නිගමනයන් ඇති
වෙයිත දෘෂ්ටි වශයෙන්
කරණ නිගමන
නිසා ඡුන්ද රාගය (දුර්වල
රාගය* ඇති වෙයිත ඡුන්ද
රාගය නිසා මමය
මාගේය යන බලවත්
ඇලීම වෙයිත එම
නිසා තෘෂ්ණා දෘෂ්ටි
වශයෙන් ගැනීම වෙයිත
මසුරුකම ඇති වෙයි.
මසුරුකම
නිසාආරක්ෂා හේතුන්
ඇති වෙයි. එය හේතුකොට
ද`ඩු ගැනීම්, අවි ගැනීම්,
කලහ, විවාද යනාදිය
අගෞරව වචන, කේලාම්
බස්, මුසා බස් ආදි ලාමක
අකුසල හටගනියි
යනුවෙන් සඳහන් වේ.
මෙයින් පැහැදිලි
වන්නේ දන් දිය
යුත්තේ සිත් සතන් හි
පවත්නා ලෝභය, ද්වේෂය,
මෝහය යන අකුසල මූල
නැතිකොට ශාන්ත නිවන්
සුවය පිණිස බවයි. නිවන
ලබා ගැනීම එක විට කළ
නොහැකි ය. සංසාරිකව ඒ
සඳහා ගුණධර්ම වැඞීම
අවශ්යයි.
දන් දෙන
පුද්ගලයාගේ ලෝභා දි
චිත්තාවේග පාලනය
කොට හික්මවා මෘදු
මොලොක් ශාන්ත
ස්වරූපයට පත් කරයි.
මෙලොව හිත සුව පිණිස
සමාජ
සංස්ථාවන්ගේ අභිවෘද්ධිය
පිණිස පුහුදුන් මිනිසා දන්
දිය යුතු ය. මෙම පරමාර්ථ
ඉෂ්ට කිරීම පිණිස
වඩා සුදුසු පින්කෙත
මහා සංඝ රත්නයයි.
එම නිසා පුන පුනා සිත
පිනා යන හැටියට දන්
දීමට නම් සම්පූර්ණ විය
යුතු අවස්ථා තුනක් තිබේ.
ඒවා සම්පත්ති යනුවෙන්
හැඳින් වේ. එනම්
ශ්රද්ධා සම්පත්ති, වස්තු
සම්පත්තිය
හා ප්රතිග්රාහක
සම්පත්තිය, ශ්රද්ධාව යනු
තුරුණුවන් පිළිබඳ
විශ්වාසය යි. ධාර්මික
ලෙස උපයා සපයා ගත්
ප්රතිග්රාහකයන්
කොතෙක්හොඳ වුවත්
වස්තු සම්පත්තිය ධාර්මික
වුවත් ශ්රද්ධාව නොහොත්
චිත්ත සම්පත්තිය දුර්වල
නම් දානයෙන් උසස්
කුසලයක් අත් කරගත
නොහැකි ය. දන්දිය
යුත්තේ තුන්සිත
පහදවාගෙන ය.
තුන් සිත පිළිබඳ ලෝ වැඩ
සඟරාව පැහැදිලි කරන
හැටි
අන්හට අලසව නොකොට
වි දානය
පින්මිස අනෙකක්
නොකොට ප දානය
තුන් සිත පිරිසිදු කොට
දුන් දානය
උන් ගිය ගිය තැන
ලැබෙයි නි දානය
අලස කමින් අනුන්
යෙදවීමක් නොකොට පින්
මිස අන් කිසිවක් ප්රධාන
කොට නොගෙන තුන් සිත
පිරිසිදු කොට දුන්නා වූ
දානය ඔවුන් උපනුපන්
ජාතිවල වස්තු ලැබීමට
හේතු වෙයි.
තුන් සිත යනු පූර්ව
චේතනා, මුඤ්චන
චේතනා හා අපර
චේතනායි. දනක් දීමට සිතූ
මෙහොතේ පටන් එය
සංවිධානය කිරීම්
වශයෙන් යෙදෙන
චේතනාව පූර්ව
චේතනාවයි. මුඤ්චන
චේතනාව යනු
‘‘ඉමං භික්ඛං භික්ඛු
සංඝස්ස
දේම’’මේ භික්ෂාව භික්ඛු
සංඝයාට දෙමු’’ යනුවෙන්
කියා පිළියෙල කළ දාන
වස්තුව සඟ සතු කරණ
අවස්ථාවේ ඇති වන
චේතනාවයි. එතැන් පටන්
ඇති වන සිතිවිලි අපර
චේතනා නම් වේ. එය
මරණාසන්නය
දක්වාහෝ බලපැවැත්විය
හැකිය.
1. බුදුන් ප්රමුඛ භික්ෂූ
භික්ෂුණී උභය සංඝ
රත්නයට දන්දීම.
2. භික්ෂු භික්ෂුණී උභය
සංඝ රත්නයට දන්දීම.
3. භික්ෂු සංඝ රත්නයට
දන්දීම
4. භික්ෂුණී සංඝ
රත්නයට දන් දීම
5.ආරාධනාවක් නැතිව
වඩින තරමක් භික්ෂු
භික්ෂුණි සංඝ රත්නයට
දන් දීම
6.ආරාධනාවක් ඇතිව
වඩින භික්ෂු සංඝ
රත්නයට දන්දීම
7.ආරධනාවක් ඇතිව
වඩින භික්ෂුණි සංඝ
රත්නයට දන්දීම
මේ කාලයේ දන්දිය
හැක්කේ 3 හා 6 වැනි
සාංඝික දානයි.
‘‘සංඝ යන වචනයට බෞද්ධ
කාලයේවැඩ සිටි සැරියුත්
මුගලන් ආදි මහ රහතන්
ප්රධාන සියලූම ආර්ය
මහා සංඝයා වහන්සේ මෙන්
මවර්තමාන කාලයෙහි
වැඩ සිටින
හා අනාගතයෙහි
ඇතිවන සියලූම
සංඝයා වහන්සේ ම
ඇතුළත් වන බව
බුදුරජාණන්
වහන්සේ විසින්
(දක්ඛිණාවිභංග
සූත්රයේ* දේශනා කර
තිබෙන බැවින් බෞද්ධයන්
විසින් සංඝික දාන දීමේ දි
නිකාය වශයෙන්
හෝ පක්ෂ වශයෙන්
හෝ ග්රාමන්ත ආරණ්ය
වශයෙන් සිලවත් -
දුසිල්වත් වශයෙන්
හෝ පුද්ගල සංඤාවක්
ඇති කර ගෙන දීම පින්
අඩුවීමට හේතු වන්නේ ය.
එසේ ම
තමන්ගේ හැකියාව පරිදි
කවර ගණනක් වුවද
සංඝයා වහන්සේට සංඝික
කොට දන් දිය හැකි ය.
සඟුන් ඉල්ලා දෙතොත්
එක් නමකට වුවද
ලැබුණේ සාමණේර
නමක් නම් ඒ නමට වුව ද
සාංඝික වශයෙන් දන් දිය
හැකි ය.
මෙහිලා වැදගත්ම කරුණු
වන්නේ චිත්ත
ප්රණීධානයේ හෙවත්
සිත
පිහිටුවා ගැනීමේ පවිත්ර
ආකාරයයි.
පින් තකා රෝහලක සිටින
සියලූම රෝගීන්ට ගිලන්
උවටැන් වශයෙන්
ආහාරයක් දෙනු
කැමැත්තා ගිලනුන්ගේ ස්ත්රී
පුරුෂභාවය, බාල මහලූ
බව ජාති ගෝත්රාදිය
සත්පුරුෂ අසත්පුරුෂ ආදිය
නොබලාම ගිලන් බව
පමණක් ම බලා දන්
දෙන්නාක් මෙනි. තනිකර
බුදුනට පූජා කරන විට
පුද්ගලික දායක් වන අතර
සංඝික කර දෙන විට
වඩා ආනිශංස වන බව
බුදුහුම වදාළ හ.
අමාරු වැඬේ දන් දීම
නොවේ.
පෙර බරණැස් නුවර
මද්දව නම් රජෙක්
සිටියේ ය. දිනක් ඔහු
ඉතා වටිනා වස්තුවක්
පරිත්යාග කළේ ය. පසුව
ඒ ගැන සිතත් සිතත් ම ඒ
ගැන ආශාව ඇති වී ඔහු
රෝගාතුර විය. රජු සුවපත්
කිරීම පිණිස
ඇමතියන්ගේ උපදෙස්
පරිදි රජගෙදර
මිදුලේ ක්රීඩා ප්රදර්ශනයක්
පවත්වනලදි. එහි එක්
පුරුෂයෙක් අඩි
දෙකහමාරක් පමණ දික්
වූ තියුණු මුවහත් කඩුවක්
ගිල්ලේ ය. රජු ඒ දැක
පුදුම වී ලෝකයෙහි එයටත්
වඩා දුෂ්කර දෙයක් තවත්
ඇත්දැයි ඇමතියෙකුගෙන්
විචාළේ ය. එවිට ඇමතිය
කියන්නේ :
මහ රජතුමනි
මේ පුරුෂයා ඉතා මුවහත්
වූ
අනුන්ගේ ලේ හලන්නා වූ
කඩුව ගිලින්නේ ධන
ලෝශයෙනි. යමෙක් තමාට
අයත් දෙයක් අනුන්ට දෙමි
යි කියා පොරොන්දුවේ නම්
එය කඩුව ගිලීමට
වඩා දුෂ්කර කරුණකි. අන්
සියල්ල ඊට වඩා පහසු ය.
දෙමි යි කීම ඒ සියල්ලට
වඩා අමාරු වැඩකැ යි
කීවේ ය.
එය අසා රජතෙම අන්
ඇමතියෙකුට කථා කොට
පළමු ඇමතියා කී දෙයට
වඩා දුෂ්කර වූ දෙයක්
ලෝකයෙහි තවත් ඇත්
දැයි විමසූ විට ඔහු
කියන්නේ මහරජතුමනි
වචනය නිසා ජීවත් වන
අය නැත. එබැවින් වචනය
නිෂ්ඵල ය. යමෙක්
පොරොන්දු වූ හැටියට ම
වස්තු ලෝභය හැර
පියා පොරොන්දු වූ දෙය
දෙයි නම් එය ඊටත්
වඩා දුෂ්කර වැඩකැයි ද
ලෝකයේ ඇති අන්
සියල්ලම පහසුය යි ද
කීවේ ය. එය
අසා රජතුමා මම
පොරොන්දු වූ සැටියට ම දී
දුෂ්කර දෙයක් කෙළෙමි යි
සතුටු වී ශෝකය තුනී කර
ගෙන ලඟ සිටි මහ
බෝසත් වූ සේනක
ප`ඩිතුමාගෙන් කලින්
කියන ලද කරුණු දෙකට
වඩා තවත් දුෂ්කර කරුණු
ඇත් දැයි විචාළේ ය. ඊට
පිළිතුරු වශයෙන් බෝසත්
ප`ඩිතුමා කියන්නේ මහ
රජතුමනි
මනුෂ්යයා ස්වල්ප වූ
හෝ බොහෝ වූ හෝ දාන
දෙන්නේ ය. යමෙක් දුන්
දේ ගැන පසුව
නොතැවේ නම් එය ඒ
සියල්ලට වඩා දුෂ්කර
කරුණකි. අන් සියල්ලම
පහසු කරුණු යැ යි
පැවසීය. මෙය
අසා රජතුමා මම දැන්
දුෂ්කර කරුණු දෙකක්
සම්පූර්ණ කළෙමි.
මා වැන්නෙකුට දුන් දෙය
ගැන ශෝක කිරීම නුසුදුසු
ය. ඒ තුන්වන දුෂ්කර
කාරණය ද මා විසින් සිදු
කළ යුතුය යි
සලකා ශෝකය දුරු කර
ගත්තේ ය. රජුගේ රෝගය
ද සුව විය. (දසණ්ණක
ජාතකය*

Saturday, May 14, 2011

දශ අකුසල් හතර වන ලිපිය(මුසාවාදය)

අනුන්ව රවටන අදහසින්, ඇති
දෙය නැතැයි කියාද, නැති
දෙය ඇතැයි කියාද , නොවූ
දෙය වුනායයි කියාද, ‍වුනු
දෙය නොවුනායයි කියාද
වචනයෙන් හෝ ලිවීමෙන්
හෝ හස්ත සංඥා ආදී
සංඥා කිරීම් ආදියෙන්
හෝ අනුන්ට පැවසීම
මුසාවාදය කියල හඳුන්වනව.
මේ මුසාවාද අකුසලය
සම්පූර්ණ වීමට කරැණු 4
සම්පූර්ණ වෙන්න ඕනෙ.
1. කියන කරැණ
බොරැවක් වෙන්න ඕනෙ
2.අනුන් රවට්ටන්න
ඕනෙ කියල අදහසක්
ඇතිවෙන්න ‍ඕනෙ
3.තමන් රවට්ටන්න හදන
දේ අනිත් අයට අඟවන්න
ඕනෙ
4.ඒ අඟවන දේ අනිත් අය
තේරම් ගන්න ඕනෙ
කියන දේ බොරැවක් වුනත්
නොදන්නා භාෂාවකින්
කීමෙන් හෝ හොඳින්
නොඇසීමෙන් හෝ අහන
කෙනාට තේරැම් ගත
නොහැකි වුනොත් මුසාවාද
අකුසලය සිදුවෙන්නෙ නැහැ.
වැරදීමෙන් කියවෙන
බොරැ වලිනුත් අකුසල්
සිදුවෙන්නෙ නැහැ.
ඉටුකිරීමේ අදහසින්
පොරොන්දුවක් වෙලා එය ඉටු
කරන්න නොපුළුවන් වීම හින්දත්
අකුසල්වෙන්නෙ නැහැ. ඒත්
ඉටු නොකරන අදහසින්
පොරොන්දුවක් වෙන කෙනාට
එවලෙම අකුසලය සිදුවෙනව.
පසුඅවස්ථාවක් ඒක ඉෂ්ථ
කලත් අකුසලෙන්
මිදෙන්නෙ නැහැ.
අනුන් ලවා බොරැ කියවන
කොට කියන කියවන දෙන්නටම
අකුසල්සිදුවෙනව. ඒත්
වෙනත්
කෙනෙකුගෙ නියෝගයකින්
තවත් අයෙකුට
බොරැ පණිවුඩයක් ගෙනයන
කෙනෙක් එය බොරැවක් බව
නොදැන රැවටීමේ අදහසින්
තොරව නියෝගය ඉටුකිරීමක්
වශයෙන් කියුවනම්, නියෝග
කළ තැනැත්තාට මිස
පණිවුඩය රැගෙන ගිය
කෙනාට අකුසලය
සිදුවෙන්නෙ නැහැ. දීර්ඝ
කාලයක් පවතින විධිහට
බිත්තිවල, බොඩ් ලැලි වැනි
දේවල් වල
බොරැ ලියා තැබීම මඟින්
ඒවා කියවා රැවටෙන
අයගේ ගණනට මුසාවාද
අකුසලය සිද්ධවෙනව.
ප්රවෘත්ති පත්රවල
සඟරාවල හා පොත් වල
මාර්ගයෙන්
බොරැ ප්රචාරය කරල අයට
ඒවාබලල රැවටයන්
අයගේ ප්රමාණයට අකුසල්
සිදුවෙනව.
බොරැකීම නොයෙක් පව් වැඩ
වලටවුවමනා වෙන දෙයක්.
මොකද කරපු වැරදි වැඩ
අහු වෙන එකෙන් වළක්වන්න
බොරැ කියන්න වෙනව. ඉතින්
කරපු වැරදි වැඩෙයි ඒක
වහගන්න කියන බොරැයි හින්ද
අකුසල්දෙකක් සිද්ධ වෙනව.
ඒක හින්ද බුදු
හාමුදුරැවො කියල තියනව
බොරැ කියන කෙනාට
නොකරන්න බැරි පවක්
නැහැ කියල. ඇයි ඉතින්
දන්නවනෙ ඕනෙම
වැරදිවැඩක් කරල
බොරැවෙන් ඒක වහගන්න
පුළුවන් කියල.
බොරැ නොකියන කෙනා අතින්
පව්වැඩ සිදුවෙනව අඩුයි.
මොකද එයා දන්නව කරන
වැරදි වැඩ අහුවුනොත් ඇත්ත
කියන්නවෙනව කියල. ඇත්ත
කියන්න වුනොත්
තමන්ගෙ ආත්මගරැත්වය
නැතිවෙනව. ඉතින් ඊට
වඩා හොඳයි වැරදි වැඩ
නොකර ඉන්න එක කියල හිතල
ඒවයින් වැළකෙන්න
බලනව. ‍ලෝකෙ ඉන්න නුවණ
තියන හැමෝම බොරැව
පිළිකුල් කරනව. හැම
ආගමකම පව් ලයිස්තුවක්
තියනවනෙ ඒ හැම එකකම
බොරැ කීම පාපයක් කියල
දක්වල තියනව. තමන් බෝධි
සත්වයන් වශයෙන් හිටපු
කාලෙ සමහර අවස්ථාවල
නොයෙක් පව් කරල තිබුනත්
නියත විවරණ ලැබුණායින්
පස්සෙ අනුන්ට හාණිවෙන
විධිහට එක බොරැවක්වත්
නොකියු බව බුදුන්
වහන්සේ පෙන්වල දීල
තියනව. ඒකෙන්
පේනවනෙ බොරැ කියන ඒක
කොච්චර නරක දෙයක්ද
කියල.
මුසාවාදයෙන් සිදුවන
අකුසලයේ කුඩා විශාල
භාවය.
සෙල්ලමට හෝ යමක්
නොදී ‍සිටිමේ අරමුණින් ඇති
දේ සැඟවීමට
හෝ කුඩා දරැවන් නැළැවීම
සඳහා හෝ කරපු වැරැද්දක්
වහගැනීමටහෝ කියන
බොරැ වලින් සිදු වන
අකුසලය කුඩායි. "කරනවමයි"
"දෙනවමයි" කියමින් අන්අයව
රැවටීම මඟින් විශාල
වශයෙන් අකුසල් සිදු වෙනව.
යම් කිසිවෙකු හෝ දෙයක්
සාක්ෂ්ය වශයෙන් තබල
"අම්ම පල්ල" " දෙවියන්
පල්ල" වශයෙන්
බොරැකීමෙන් කලින් කියු
අවස්ථාවලටත් වඩා අකුසල්
සිදුවෙනව. රවටන
පුද්ගලයාගේ ගුණවත් භාවය
සිල්වත් භාවය අනුවත් ඇතිවන
කෙලෙස්ප්රමාණය අනුවත්
අකුසල් සිදුවීම වැඩියි.
බොරැවෙන් සිදුවන
හාණියේ අලාභයේ ප්රමාණාත්මක
බවඅනුවද සිදුවන අකුසලය
වෙනස් වෙයි.
බොරැ කීමේ විපාක
‍මෙලොවදී බොරැ කියන අය
නොයෙක් විදිහෙ නින්දාවලට
ලක්වෙනව. කියන දේවල්
කවුරැවත් විශ්වාස
කරන්නෙ නැති ගනන්
ගන්නෙ නැති බවට
පත්වෙනව. සමහර
අවස්ථාවලදි නොයෙක්
දඬුවම් වලට ලක්වෙනව.
මරණින් මතු නරකයේ ඉපිද
නොයෙක් දුක් වලට මුහුණ
දෙන්න වෙනව. ප්රේත ආත්ම
වල ඉපදී නොයෙක් දුක් කම්
කටොළු වලට මුහුණ දෙන්න
සිදුවෙනව. නැවත මිනිස්
ආත්මයක් ලබා ගත්තත් නොකළ
වරදවල්වලට
අහුවෙලා නින්දා ලබනව,
දඬුවම් ලබනව. ගොළු බවට
පත්වෙනව. කට ගඳ ගහන්න
ගන්නව. අශෝභන දත් ඇති කට
විරෑප වූවන් බවට
පත්වෙනව. නොයෙක් මුඛ
රෝගවලින් දුක් විඳින්න
සිදුවෙනව. අමිහිරි කට හඬ
ඇති අය බවට පත්වෙනව.
දරැවන් නැති අය බවට පත්
වෙනව. උපන් දරැවෝත්
අකීකරැ දරැවන් බවට පත්වී
දුක් ගෙන දීමට සමත් වෙනව

Monday, May 9, 2011

පෙර බුදුවරු

ගෞතම බුදුන් පලමු
හෝ අවසන් බුදුවරයා නොවන
බව බෞද්ධ මූලාශ්රයන්
පරිශීලනය කිරීමේදී
අපටඅවබෝධ කරගත හැකි
කරුණකි.
සිංහල බුද්දක නිකාය – 3
කාණ්ඩය (මහා නිර්දේශය
පිටු 338* අනුව බුදුවරු
ත්රිවිධාකාර
වෙති. උන්වහන්සේලා හඳුන්වනු
ලබනුයේ,
1 – සම්මා සම්බුද්ධ,
2 – ප්රත්යෙක බුද්ධ සහ
3 – අරහත්ත බුද්ධ වශයෙනි.
සම්මා සම්බුදුවරයෙකු එම
තත්වය සපුරා ගැනීමට
අසංඛ්ය කල්ප ලක්ෂ හතරක්
– අටක් හෝ දහසයක්දස
පෙරුම් දම් පිරිය යුතු බවද
පසේ බුදු බව
සඳහා අසංඛ්ය කල්ප ලක්ෂ
දෙකක්ද ශ්රාවක බුදු
බවසඳහා අඩු තරමින් කල්ප
ලක්ෂයක් හෝ පෙරුම් දම්
පිරිය යුතු බවද මෙහි සඳහන්
වේ.සුත්ත පිටකයේ කොටසක්
වූ සිංහල බුද්දක
නිකායේ(පටි සම්පදා මග්ග
පිටු 517* සඳහන් පරිදි
නිවන් මඟ සෙසු සත්ත්වයින්ටද
අවබෝධ කර දීමේ ශක්තිය
පවත්නා බුදුවරු
සම්මා සම්බුද්ධ නම්
වෙති. ප්රත්යෙක බුදුවරු
(පයේ බුදු* බුදුබව පසක්
කරගත් නමුත් සෙසු
සත්ත්වයින්ට එය අවබෝධ
කරදීමේශක්තිය නොමැති අය
වෙති. අරහත්ත හෙවත්
ශ්රාවක බුදුවරු
බුදුවරයෙකුගේම අවවාද –
අනුශාසනාලැබීමෙන්
බුද්ධොත්පාද කාලයකදීම
මාග_ඵල පසක්
කරගන්නාවූත් සෙසු අයටද ඒ
මග පහදා දිය හැකිශක්තිය
ඇත්තෝ වෙති.
පෙර බුදුවරු ගැන විමසීමක්
කිරීමේදී මේ පිළිබඳ මූලික
දැනුමක් ලබාගැන්ම පිණිස
පහත සඳහන්කොටස බුද්ධ
වංශ පුරාණයෙන්
උපුටා දක්වන්නට
කැමැත්තෙමු.
’බුද්ධ චරිතය විවිධ
ගුණාංගවලින් උපලක්ෂිත
වෙමින් වර්ධනයවත්ම බුද්ධ
සංඛ්යාවද ඊට
අනුරූපවවර්ධනය වී ඇති
අයුරු ත්රිපිටකය ඇතුළු
අටුවා ප්රකරණ කෘති
තුළින්ම පෙනී යයි.
පිටකාගන අංගුත්තර
නිකායේ යෝධාජීව
වර්ගයේද, ජාතක පොතේද,
අනාගත වංශයේද,
දැක්වෙන පරිදි බුදු මුවින්ම
දේශිත යැයි සඳහන්
පාඨවලින් අතීතයෙහි
බුද්ධවංශයට අයත් බුදුවරුන්
පිළිබඳ ඉඟියක්ලැබෙයි.
එසේම දීඝ
නිකායේ මහාපදාන
සූත්රයේ විපස්සී, සිඛී,
වෙස්සභූ කකුසඳ,
කෝණාගමන, කාශ්යප යන
බුදුවරුන් නමින්ම සඳහන්
වෙයි. එය බුද්ධ
වංශයේ ආරම්භය පිළිබඳ
මූලික සටහන
වශයෙන්සැලකිය හැකිය.
දීඝ නිකායේ ආටානාටිය
සූත්රයේද සත්
බුදුවරුන්ගේ නාමලේඛන
ඉදිරිපත් වෙයි.
මෙම ප්රකාශන
සලකා බැලීමෙන් පෙනී
යන්නේ ගෞතම බුදුරදුන්
ත්රිපිටකයේ සඳහන් එකම
බුදුවරයානොවන බවයි. දීඝ
නිකායේ චක්කවත්ති සීහ නාද
සූත්රයේද, බුද්ධවංශ –
අනාගතවංශ, කෘතිවලද
මේ භද්ර කල්පය තුළම
අනාගතයේදී මෛත්රීය
(මෙත්තෙය්ය* නමින්
බුදුවරයෙකු ලොව පහළවන
බව බුදුරදුන්ගේම
අනාවැකියක් ලෙසට සඳහන්
වීමෙන් පෙනී යන්නේ බුද්ධ
වංශයේ අවසානයක්
නොමැතිබවයි. ත්රිපිටකයේද
සඳහන් වන මෙම සත්
බුදුවරුන් පිළිබඳ සංකල්පය
බුද්ධ වංශ ව්යාප්තිය
පිළිබඳපැරණිතම මතය බව
පිළිගත හැකිවෙයි. එ්
සඳහා අපට
පුරා විද්යා සාධකද
හමුවෙයි. ක්රිස්ත්ර
පූව_ දෙවැනි ශත වර්ෂයට
අයත් යැයි සලකනු ලබන
භාරතයේ භාරුත්
ස්ථූපයේ නෙළන ලද මූර්ති
අතරයට කී සත්බුදුවරුන්
උන්වහන්සේලාගේ බෝධි
වෘක්ෂයන්ද සහිතව දක්නට
ලැබේ. බුද්ධ නාමයන්
දක්වා ඇත්තේ බ්රාහ්මී
අක්ෂරවලිනි.
සාංචි ස්ථූපයේ නැගෙනහිර
වාහල්කඩෙහි මූර්ති අතරද
සත්බුදුවරුන්ගේ බෝධි වෘක්ෂ
දැක්වෙයි. එබැවින් එම
යුගය වනවිට සත්බුදුවරුන්
පිළිබඳ මතය බෞද්ධ ජනතාව
අතර පිළිගත් මතයක්වපැවති
බව පෙනේ. එ් අනුව
ත්රිපිටකයේ සඳහන් ආදිතම
බුදුවරයා වන්නේ විපස්සි
බුදුරජාණන් වෙති.
එහෙත්
කාලයාගේ ඇවෑමෙන් ජෛන
– බ්රාහ්මණ – මහායාන
ආදී සමයාන්තරවල බලපෑම
මත ක්රමයෙන්බුද්ධවංශය
දීපංකර බුදුරදුන්
දක්වා අතීතයටත් මෛත්රේය
බුදුරදුන්
දක්වා අනාගතයටත්
ව්යාප්ත වීඇත. මෙය එක්
අතකින් සෙසු ආගම් මගින් බුදු
සමය යටවී යාම
වළක්වා ගැනීමටත්,නවීකරණය
මගින් ජනප්රියත්වය
වැඩිකර ගැනීමටත් එවක
සිටි ආගමික නායකයන්
යෙදු උපාය මාර්ගයක්
වේ. එපමණකින් නොසැනසුනු
බෞද්ධ භක්තිකයෝ දීපංකර
බුදුරදුන්ගේසීමාව
ඉක්මවාද තණ්හංකර –
මේධංකර – සරණංකර යැයි
තවත් බුදුවරුන් තුන් නමක්
ලොව පහළ වූබව ප්රකාශ
කළහ.
බුද්ධ වංශය (සිංහල බුද්දක
නිකාය – 143 පිටුව*,
පූජාවලිය (2වන පරිච්ඡේදය
17 පිට* ආදී ප්රකරණ
ග්රන්ථවල මෙම බුද්ධාවලිය
ඉදිරිපත් කර ඇත.
සුවියි
බුදුවරුන්ගේ නාමලේඛණය සංස්කරණය
සඳහා ජෛන සමයේ සුවියි
තීර්ථංකරවරුන් පිළිබඳ
මතවාද බලපා ඇත. එම
ජෛන ශාස්තෘවරයන් අතර
බුදුරදුන් හා සමකාලීන වූ
ජෛන මහාවීර(නිගණ්ඨ
නාථ පුත්ර – වර්ධමාන
මහාවීර* විසි හතරවෙනි
තීර්ථංකරයා වෙයි. බෞද්ධ
අනුගාමිකයෝ ජෛන
මතයදපරදවන සේ බුද්ධ
වංශය විසි අටනමක්
දක්වා වර්ධනය කර ඇත.
බුද්ධ වංශයේ,
සද්ධම_ රත්නාකරාදියේ එම
විස්තර දක්නට ලැබෙයිv
(බුද්ධ වංශ පුරාණය –
ගොඩගේ ප්රකාශකයෝ 6-8
පිටු*.
බුද්ධ වංශ පුරාණයෙන්
උපුටා දැක්වූ ඉහත සඳහන්
කොටස කියවීමේදී මම අති
භයානක ආත්මපරාජයකට
ලක් වේ. දහමක ප්රධාන
අරමුණ සෑම මිනිසෙක්
කෙසේ වෙතත්අඩු වශයෙන්
තම අනුගාමිකයින්වවත්
සත්යවාදී සත්පුරුෂයින් බවට
පත්කිරීමයි විය යුත්තේ. නමුත්
දහමේ සංකල්ප අසත්යය මත
ගොඩ නගා ඇත්නම් කෙසේනම්
එම දහම තුළින්
මෙමශ්රේෂ්ඨ අපේක්ෂාවන්
මුදුන් පත් කරවා ගන්නේ.
කලින් කලට අනිකුත් දහම්
සමග තරඟ කිරීම උදෙසා
තම බුදුවරයින්ගේ සංඛ්යාව
අසත්ය ලෙස වැඩි කර
ගන්නට කටයුතු කොට මෙම
මුසාවාදය තම මූලාශ්ර
ග්රන්ථ වල කොටසක් බවට
පත්කොට කටයුතු කිරීමෙන් මුළු
බුදු දහම කෙරෙහිම තිබූ සුළු
හෝ විශ්වාසයසහමුලින්ම
බිඳවැටෙන්නට හේතු සාධක
වී තිබේ.

ලොව පහළ වී ඇති අට විසි බුදුවරු

පාලි නම:
1. තණ්හංකර
2. මේධංකර
3. සරණංකර
4. දීපංකර
5. කොණ්ඩඤ්ඤ 6. මංගල
7. සුමන
8. රේවත
9. සෝභිත
10. අනෝමදස්සී 11. පදුම
12. නාරද
13. පදුමුත්තර
14. සුමේධ
15. සුජාත
16. පියදස්සි
17. අත්ථදස්සි
18. ධම්මදස්සි
19. සිද්ධත්ථ
20. තිස්ස
21. ඵුස්ස
22. විපස්සි
23. සිඛි
24. වෙස්සභු
25. කකුසඳ
26. කෝනාගම
27. කස්සප
28. ගෞතම

Sunday, May 8, 2011

ලාෆින් බුද්ධ චරිතය පිළිබද ඇති ඇත්ත නැත්ත

ලාෆින් ගෝඩ් හෙවත්
ලාෆින් බුද්ධාගේ ඇත්ත
කතාව
බුදු දහම මහායාන සහ
ථේරවාද යනුවෙන් කොටස්
දෙකකට බෙදෙනවා.
ථේරවාදයේ ප්රධාන
තැනක් හිමිවන්නේ ගෞතම බුදු
රාජාණන් වහන්සේට,
මහායානයේ ප්රධාන තැන
හිමිවන්නේ මතු බුදු වන
මෛත්රී බෝධිසත්වයන්ට ශ්රී
ලාංකික අප අදහන
ථේරවාද"බුදු දහමේ බුදු
රජාණන් වහන්සේගේ පෙර
ආත්ම භවයන් ගැන කියන
පන්සිය පනස් ජාතක
කතා වගේම මෛත්රී බුදුන්ටත්
චීන සංස්කෘතිය අනුව ගොඩ
නැගුණු ජාතක
කතා තිබෙනවා. එම ජාතක
කතාවක එන බෝසත් චරිතයක්
තමයි මේ ලාෆින් ගෝඩ්
හෙවත් ලාෆින්
බුද්ධා කියන්නේ..
මෛත්රී බෝධි සත්වයන් ඉතාම
ප්රියමනාපව සහ ආකර්ෂණීය
පෞරුෂත්වයකින් යුත් අයෙක්
ලෙස චීන
සංස්කෘතියේ දැක්වෙනවා.
මෙම රූප ශොභාව නිසාම
විවිධාකාරයෙන්
කාන්තාවන් සම්බන්ධ
ගැටලුවලට මැදිවෙන්නට
උන්වහන්සේට සිදුවුණා. එම
නිසාම " මා මතු භවයක
උසුළු විසුළු පෙනුමක් ඇතිව,
නමුත් මාගෙන් පිහිට පතන
අයගේ ප්රාර්ථනා ඉටුකරදෙන
ශක්තියක් ද, ඇතිව ඉපදේවා"
කියා ප්රාර්ථනා කර
තිබෙනවා. ඒ අනුව තමයි
මෛත්රී බෝධිසත්වයන් තුළින්
ලාෆින් බුද්ධා චරිතය උපත
ලබා තිබෙන්නේ.
ෆෙංෂුයි විෂයෙන් 90%
විද්යාත්මක පදනමකින්
බිහිවූවක්. 10% ප්රතිශතයක්
තමයි ෆෙංෂුයි කලාවට
අයිතිවන්නේ. මේ ෆෙංෂුයි
කලාවට තියෙන්නේ වසර
450ත් 500 ත් අතර
ඉතිහාසයක්. ලාෆින්
බුද්ධා ප්රතිමාව කරළියට
පැමිණෙන්නෙත්
මේ වකවානුවේම තමයි.
ෆෙංෂුයි සංකේත භාවිතය
අයත් වන්නේ ෆෙංෂුයි
කලාවට. මේ සංකේත
කරලියට පැමිණීමත් සමඟ
ලාෆින් බුද්ධා ප්රතිමාව
ෆෙංෂුයි අනුගාමිකයන් අතර
ජනප්රිය වුණා.
චීනයේ උපත ලද ෆෙංෂුයි
අද අපේ රටේත්
ඉතා ජනප්රියයි. ෆෙංෂුයි
සංකේත අතර ලාෆින්
බුද්ධාට
අපේ රටේ තියෙන්නෙත් ඉහළ
ඉල්ලුමක්.
මා දැක තිබෙනවා සමහර
වෙළඳසැල්වල මෙම
ප්රතිමාව තියලා. කෙසෙල්
ගෙඩි වලට හදුන්කූරු ගසමින්
දුම් අල්ලනවා. ඇත්ත
වශයෙන්ම කරුණු
කාරණා නොදැන මෙවැනි
දේ සිදුවන්නේ.
පූජා පැවැත්වීම අවශ්ය
නෑ. නමුත් එය ගරු කටයුතු
ප්රතිමාවක්. ථේරවාදී
හෝ වේවා, මහායාන
හෝ වේවා බෞද්ධ සංකල්පය
මත පදනම්ව ගොඩනැගුණු
සංකේතයක්. එම නිසා අප
මෙය ගරු කටයුතු තැනක
තැබිය යුතුය

Saturday, May 7, 2011

දශ අකුසල්(තුන්වන අකුසල කර්මය වන කාම මිත්‍යාචාරය)

කාමමිථ්යචාරය යනු කාමයෙහි
වරදවා හැසිරීමයි. එනම්
ලෝකචාරිත්රයට සදාචාරයට අනුකූල
නොවන පරිදි කාමයෙහි හැසිරීම
යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මෙයින්
බලාපොරොත්තු
වෙන්නෙතමන්ගෙ ලිංගික හැඟිම්
කිසියම් පාලයනයකින් යුතුව සදාචාර
සම්පන්නව භාවිත කිරීමයි. ස්වාමියකු
විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින්
හෝ ආරක්ෂා කරන ස්ත්රියක් බලෙන්
සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව
එක්වීමෙන් හෝ පුරැෂයින්ට
කාමමිථ්යාචාර අකුසලය සිදුවෙනව.
තමන්ව ආරක්ෂා කරන පිරිමියකු සිටිත්දී
වෙනත් පිරිමින් හා කාමයෙහි
හැසිරීමෙන් ස්ත්රීන්ට කාමමිථ්යාචාර
අකුසලය සිදුවෙනව. හිමියෙකු නොමැති
මව් පිය ‍සහෝදරාදීන් රකින ස්ත්රීන්
හා කාමයේ හැසිරීමෙන් පුරැෂයින්ට
පමණක් කාමමිථාචාර අකුසලය
සිදුවෙනව. ස්වාමියකු විසින්
ආරක්ෂා කරන ස්ත්රියක් සමඟ
කාමයෙහි වරදවා හැසිරීමෙන්
දෙදෙනාටම අකුසල් සිදුවෙනව.
කාමමිථ්යාචාරය සිදුවීමට පහත
කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ
1. සේවනය නොකළයුතු ස්ත්රියක්
හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
2.සේවනය කිරීමට සිතක් ඇති වෙන්න
ඕනෙ
3. සේවනය කිරීමට උත්සාහයක්
යොදන්න ‍ඕනෙ
4.සේවනය ඉවසීම හෙවත්
ආස්වාදය ‍විඳින්න ඕනෙ
අනුන් ලවා ප්රාණඝාතඅකුසලය
සිදුකරවන විට එය කරන හා කරවන
දෙදෙනාටම අකුසලය සිදු වුවත්
මෙහිදී අනුන් ලවා කරවන
තැනැත්තාට අකුසලය සිද්ධ
වෙන්නෙ නැහැ. වෙනත්
කෙනෙකුගේ තර්ජනයක් නිසා සිදු කලත්,
කරන කෙනාට මිසක් තර්ජනය කළ
තැනැත්තාට කාමමිථ්යාචාර අකුසලය
සිදු වෙන්නෙ නැහැ.
කාමමිථ්යාචාරයේ අල්පසාවද්ය
මහාසාවද්ය භාවය
සිල්වත් ගුණවත් අය සමඟ
මිථ්යාචාරයේ යෙදීමෙන් වැඩි
වශයෙන් අකුසල් ‍සිදුවෙයි. ගුණ රහිත
අය සමඟ යෙදීමෙන් අල්ප වශයෙන්
අකුසල් සිදුවෙයි. සිල්වත් අය දූෂණයෙන්
විශාල අකුසල් සිදුවෙයි. ගුණ හීනයන්
සමඟ කාමමිථ්යාචාරයේ යෙදෙත්දී
බලෙන් යෙදීමෙන් සිදුවන අකුසල්
ප්රමාණය වැඩියි. දෙදෙනාගේම
කැමැත්තෙන් සිදු වනවිට අඩුයි.
දෙදෙනාගේ කැමැත්ත යටතේ සිදු
වුනත් ඇතිවන කෙලෙස් වල ප්රමාණය
හා කෲර ලෙස යෙදීම මෘදු ලෙස
යෙදීම වශයෙන් සැලකීමෙන් ලැබෙන
අකුසලය අඩු වැඩි වෙනව.
කාමමිථ්යාචාරයේ විපාක
මෙලොවදී
කාමමිථ්යාචාරයේ යෙදෙන්නන්
සමාජයේ නින්දාවට ලක්වෙනව. සමහර
අවස්ථාවලදී අනුන්ගේ පහරදීම් වලට
පවා ලක් වෙන්න පුළුවන්. එවැනි කඩු
පොලු කිණිසි වලින් පහරදීම් වලින් වෙඩි
තැබීම් වලින් මරණයට පත් වෙන්න වුනත්
සිදුවිය හැකියි. දූෂණ චෝදනා වලින්
හිර ගෙවල් වල ලගින්න සිදුවිය හැකියි.
මරණෙන් පසුව අපාගත වෙනව. විශාල
කාලයක් අපායේ දුක් විඳින්නට
සිදුවෙනව. අපායෙන් මිදී නැවත
වෙනත් තැනක උපදීන අවස්ථාවල
බොහෝ දුක් විඳල තමයි ඉපදෙන්නෙ.
මිනිසත් බව ලැබුවත් නපුංසකයෙක්
බවට පත් වෙනව. පිරිමියකු
වෙලා හිටපු අය
ගැහැණුවෙලා උපදිනව ගැහැණු අය
ස්ත්රී භාවයෙන් මිදෙන්නෙ නැහැ.
විරෑප ශරීරයක් ලබනව මිනිසුන්ට
අප්රිය වෙනව. තමාට සිටින සතුරන්
ප්රමාණය වැඩි වෙනව. සැම විටම
දරැණු රෝග වලින් පෙළෙන්නන් බවට
පත්වෙනව

Friday, May 6, 2011

දශ අකුසල් 2වන ලිපිය (අදත්තාදාන අකුසලය)

අනුන්ට අයිති දෙයක් ඒක අයිති
තැනැත්තාට හොරෙන් හෝ ඔහු
රැවටීමෙන් හෝ බිය ගැන් වීමෙන්
හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම
අදත්තාදාන අකුසලය කියල හඳුන්වනව.
අදත්තාදානය සිදු වීම සඳහා පහත
කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ. එම
කරැණු වලින් එක් කරැණක් හරි සම්පූර්ණ
වුනේ නැත්නම් අදත්තාදාන අකුසලය
සිදුවෙන්නෙ නැහැ.
1.අන් සතු වස්තුවක් වීම
2. අන් සතු වස්තුවක් බව දැනීම
3.පැහැරගනු කැමති සිත
4.පැහැර ගැනීමට උපක්රම කිරීම
5.වස්තුව ගැනීම
යම් කිසි වස්තුවක් සොර සිතින් ගත්තත්
ඒක අයිතිකාරයෙක් නැති වස්තුවක් නම්
එයින් අදත්තාදාන අකුසලය සිදු
වෙන්නෙ නැහැ. අයිති කාරයෙක් ඉන්න
අයිතිකරැ නොදුන් වස්තුවක් වුනත් හොර
හිතකින් තොරව අයිතිකාරය ගැන
විශ්වාසය තියල ගත්තොත් ඒත් අකුසලය
සිද්ධ වෙන්නෙ නැහැ. අනුන් සතු වුනත්
ඒක තමන්ගෙ දෙයක් කියල හිතල
අරගත්තොත් එහිදිත් අදත්තාදාන
අකුසලය සිද්ද වෙන්නෙ නැහැ.
අදත්තාදාන අකුසලය සිද්ධවෙන්න
පුළුවන් ක්රම විසි පහක් බුදුන්
වහන්සේ දක්වල තියනව ඒකට කියනව
පස්විසි අවහාරය කියල. ඒ විසි පහ
තවත් පහ බැගින් වූ කොටස් පහකට
බෙදල තියනව.
නානා භාණ්ඩ පඤ්චකය
1.අනුන්ට අයිති දෙයක් නඩු
කියා තමන්ට අයිති කරගැනීම එක්
අදත්තාදාන ක්රමයක්. මෙහිදී අයිති
තැනැත්තා තමන්ට ඒක ආයෙත්
ලැබෙන්නෙ නැහැ කියන අදහසට ආපු
ගමන් අයිතිකරගත් පුද්ගලයාට අකුසලය
සිදුවෙනව.
2.තමන් විසින් අරගෙන යන අනුන් සතු
දෙයක් සොර සිතින් ගැනීම තවත්
ක්රමයක්. මෙහිදී ගෙනියන
පුද්ගලයා "අයිති කාරයට නොදී මම
අරගන්නව" කියල හිතල හිසේ තිබ්බ
දෙයක් කරට ගත්තම, නැත්නම් එක්
අතක තිබ්බ දෙයක් අනෙක් අතට ගත්තම
ඒ කියන්නෙ තිබූ තැනින් වෙනත් තැනකට
මාරැ කලහම අදත්තාදාන අකුසලය
සිදුවෙනව. එහෙම
මාරැ කරපුදේ පස්සෙ අයිතිකාරයට
දුන්නත් අකුසලයෙන් මිදෙන්නෙ නැහැ.
ගෙන යන කෙනා අයිති කාරයට නොදී
ගන්න ඕනෙ කියල හිතුවත් තියන තැනින්
වෙනත් තැනකට මාරැ කලේ නැත්නම්
අකුසලයක් සිදුවෙන්නෙ නැහැ.
3.තමන් වෙත පරිස්සමට තැබූ
අන්යයන්ට අයිති දෙයක් නොදී ගැනීම
තවත් අවස්ථාවක්. මෙහිදී නැවත
ලබාගන්න හැකි වෙයි කියල අයිති
කාරය හිතන තාක් අකුසලය සිදු
වන්නෙ නැහැ. ඒත් ඒ තැනැත්ත ‍
"මේක නම් මට
ආයෙ ලැබෙන්නෙ නැහැ" කියල
බලාපොරොත්තු අත්හැර ගත්ත ගමන්
අකුසලය සිදු වෙනව.
4. වෙනත් කෙනෙක් ගෙන යන අනුන් සතු
දෙයක් ඒ ගෙන යන
කෙනා ලව්වා ගෙන්වා ගැනීම තවත්
අදත්තාදානය සිදු විය හැකි
අවස්ථාවක් මෙහිදී ගෙන යන
කෙනා මුලින් ගමන් කරමින් හිටපු
මාර්ගයෙන් පිටතට එක් පයක් තබල
දෙවන පියවර එසවුන ගමන් අකුසලය
සිදු වෙනව.
5.යම් කිසි භාණ්ඩයක් සොර සිතින්
තිබෙන තැනින් ගැනීම තවත්
අදත්තාදානය සිදුවන ක්රමයක්. මෙහිදී
එම භාණ්ඩය තිබෙන තැනින් ඔසවනවත්
එක්කම අකුසලය සිදු වෙනව.
ඒක භාණ්ඩ පඤ්චකය
1. අනුන්ට අයිති සතෙකු නඩු කියා අයිති
කර ගැනීම මෙහි පළමු වැන්නයි.
මෙහිදීද සතා අයිති
තැනැත්තා සතා තමාට නෙලැබෙන
බව නිශ්චිතවම දැනගත් විට ගත්
තැනැත්තාට අදත්තාදානය සිදු
වෙනව.
2. තැනෙකින් තැනකට ගෙනියන අතර
මගදී සතෙකු සොරා ගැනීම තවත්
අදත්තාදානය සිදු වෙන ක්රමයක්
මෙහිදී ද කර තබාගෙන යන
සතා අතට ගැනීම එක් අතකින් ගෙනයන
සතා අනිත් අතට ගැනීම වගේ හිටපු
තැනින් වෙනස් කරනවාත් සමඟ
අදත්තාදානය සිදුවෙනව.
දක්කගෙන යන සතෙක්ව නොදී ගන්න
හිතල යන මාර්ගයෙන් වෙනත්
මාර්ගයකට දක්කාගෙන යනකොට ඒ
සතා එක් පයක් ඉදිරියට තබා ඉතිරි
පය එසවු ගමන් අදත්තාදානය සිදු
වෙනව.
3. තමා ළඟ ඉන්න අනුන්ට අයත්
සතෙක්ව ‍නොදී ගැනීමේදී ඒ සතා අයිති
පුද්ගලයා සතාව ආපිට නොලැබේවි
කියල බලාපොරොත්තුව අත් හැරිය
හැටියෙ අදත්තාදානය සිදු වෙනව.
4. යම් කෙනෙක් අනුන් සතු ‍සතෙක්ව
ගෙනියන කොට බිය වද්දල හරි
තර්ජනයකරල හරි ඔහු ලව්ව සතාව
වෙනත් තැනකට ගෙන්වා අයිතිකර
ගැනීමෙන් අදත්තාදාන අකුසලය සිදු
වෙනව.
5. අන්සතු සතෙක් සිටින ‍තැනින්
කෙලින්ම ගහින් සොරකම් කීරීමෙන් ද
අකුසලය සිදුවෙනව. නානා භාණ්ඩ
පඤ්චකය භාණ්ඩ සඳහා පවසන ලද්දක්
ඒක භාණ්ඩ පඤ්චකය සත්වයන්
සඳහා පවසන ලද්දක් ඒකයි
මේ දෙකේ වෙනස.
සාහත්ථික පඤ්චකය
1. සියතින්ම බඩු සොරකම් කිරීම මෙහිදී
අකුසලය සිදුවන එක් ක්රමයක්.
2. අනුන් ලවා සොරකම් කිරීම තවත්
ක්රමයක්.
3. ගෙන යන බඩු වලට බදු අයකරන
තැනකදි බදු ගෙවන්නෙ නැතිව
ගෙනියන්න, පස්සෙ අහුලගන්න
හිතාගෙන බඩු ටික පිටතට විසි කිරීම,
අනුන්ගේ ගෙයක තියෙන බඩු
පස්සෙ අහුලගන්න අදහසින් පිටතට විසි
කිරීම වගේ, විසි කිරීමෙන් නැවත
ලබාගැනීමට උපක්රම කිරීමත් තවත්
අදත්තාදානය සිදුවන ක්රමයක්.
4. අනුන් සතු දෙයක් ඉඩක් ලැබුන ගමන්
සොරකම් කිරීමට නියම කර තැබීම තවත්
අදත්තාදානය සිදුවෙන ක්රමයක්.
මෙහිදී අණ ලැබූ තැනැත්තා අවුරැදු
සියයකින් පස්සෙ හරි නොවරදවාම
සොරකම සිදු කරනවනම්. සොරකම නියම
කළ තැනැත්තාට ඒ අණ කරපු
මොහොතෙම අකුසලය සිද්ධ වෙනව.
5. කිසියම් දෙයක් එය අයිති
තැනැත්තාගේ ආසාව නැති කරවීමෙන්
පැහැර ගැනීමත් අදත්තාදානය
සිදුවන තවත් ආකාරයක් "මේක ඔයාට
තිබුනට ප්රයොජනයක් නෑනෙ මට ‍ඒක
දුන්නනම් ඉවරනෙ" වශයෙන් මුලා කර
අන්සතු දේවල් ලබාගැනීමට යාමේදී
මෙම අකුසලය සිදුවෙනව.
පුබ්බපයෝග පඤ්චකය
1. ‍භාණ්ඩ සොරකම් කරන්නටත් කලින්
අදත්තාදාන අකුසලය සිදුවන ආකාර
තියනව. අනුන් සතු දෙය ගැනීමට කරන
උත්සාහයට ප්රයෝගය කියල කියනව.
කෙනෙකුට සොරකම් කිරීමට නියම කිරීම
එක් ප්රයෝගයක් (එක් වැඩක්) නියෝගය
ලැබූ තැනැත්ත නියෝගය ඉටු කිරීම
තවත් ප්රයෝගයක්. මෙම ප්රයෝග
දෙකෙන් පළමුව සිද්ධවෙන්නෙ නියෝග
කිරීම හින්ද ඒකට කියනව පූර්ව ප්රයෝග
කියල. සොරකම් කරන්න අණ ලැබූ
කෙනා ඒක නොවරදවාම
කවදාහෝ සිදු කරන්නේ නම් අණ කරපු
කෙනාට එවලේම අදත්තාදාන
අකුසලය සිදු වෙනව.
2. ප්රයෝගය සමඟම අදත්තාදාන
අකුසලය සිදුවන ආකාර තියෙනව.
යම් ‍කිසි දෙයක් සියතින්ම සොරකම් කිරීම
මෙහිදී අදාල දේ ඔසවනවාත් සමඟ
අකුසලය සිදුවෙනව, මායිම් ලකුණු
වෙනස් කර බිම් සොරකම් කිරීම මෙහිදීත්
මායම් ලකුන වෙනස් කරනවාත් සමඟ
අකුසලය සිදුවෙනව.
3. කීපදෙනෙක් එකතුවෙලා කරන
සොරකම් තියෙනව. මෙහිදී කිසියම්
සොරකමක් සිදු කරන්නට කතා කරගෙන
සොරකමට ගිය පිරිසෙන් එක්කෙනෙක්
හරි අදාල දේ සොරකම් කළ විට සියළු
දෙනාටම අදත්තාදාන අකුසලය
සිදුවෙනව.
4. මේ වේලාවට මේ දෙය ගන්න කියල
නියම කරල සොරකම් කරවන
අවස්ථාවකදී නියෝගය ලබපු
තැනැත්තා නියමිත කාලය ‍ආවහම
නොවරදවාම එය සොරකම් කරනවනම්
නියෝගය දුන්න කෙනාට අදත්තාදාන
අකුසලය සිදුවෙනව.නියමිත වෙලාවෙදි
කළේ නැත්නම් අකුසලය සිදු
වෙන්නෙ නැහැ.
5. මම මේ වෙලාවට මේ විදිහට
සංඥා කරන කොට අර තියන දෙය
සොරකම් කල යුතුයි කියල සොරකම් කළ
යුතු දෙය තිබෙන තැනට කෙනෙක්ව
යවල නියමකරගත් ආකාරයට
සංඥා කළ විට එම තැනැත්තා එම
භාණ්ඩය තිබෙන තැනින් එසවු සැනින්
දෙදෙනාටම අදත්තාදාන අකුසලය
සිදුවෙනව.
ථෙය්යාවහාර පඤ්චකය
1. කිරැම් මිනුම් කිරීමේදී අඩු ‍ වැඩි
කොට නොපෙනනසේ අන් සතු වස්තුව
ගැනීම ථෙය්යවහාරය කියලහඳුන්වනව.
ඇතැම් වෙළෙන්දෝ බඩු ගන්න කොට
හොර තරාදි වලින් බඩු කිරල වැඩියෙන්
අහුවෙන විදිහට ගන්නව දෙනකොට
අඩුවෙන් කිරල දෙනව. මෙහිදී බඩු
ගන්න කොට වැඩි ‍පුර ගත්ත කොටසට
මුදල් ගෙවන්නෙ නැහැ ඒ වගෙම දෙන
විට අඩු වෙන් දීල සම්පූර්ණ මුදලම
ගන්නව.
පළුදු වුණු, දිරෑ, නොවටිනා බඩු හොඳ
බඩු කියල විකුණල මුදල් ගන්න අයටත්
රන් රිදී නොවෙන දේ රන් රිදී කියල
පාට කර විකුණන අයටත්, මුදල්
වෙනුවට හොර නෝට්ටු කාසි
යොදා ගන්නා අයටත්
මේ අදත්තාදාන අකුසලය සිදුවනව.
එසේම වර්තමානයේ නොයෙක් ආකාර
බොරැ සම්මාදම් ආදියෙන් ක්රෙඩිට්
කාඩ් වංචා, හොරෙන් විදුලිය ජලය
දුරකථන පහසුකම් ගැනීම් අදත්තානය
සිදුවන තවත් ක්රමයන්.
නුවණ නැති අය නොයෙක් ක්රම වලින්
රවටා ඔවුන් සතු බඩු භාණ්ඩ මුදල්
ආදිය ගැනීමත් ථෙය්යවහාරයට
අයත්වෙනව.
2. අනුන් තලා පෙලා බිය ගන්වා මරණ
තර්ජන කර ඔවුන් සතු වටිනා දේවල්
සොරාගැනීම. යමෙකු පැහැර ගෙන
ගොස් කප්පම් මුදල් ඉල්ලීම
පසය්හාවහාර නම් වු අදත්තාදානයට
අයත්.
3. භාණ්ඩ පිළිබඳව හා ප්රදේශක
පිළිබඳව නිශ්චයක් නැතිව අනුන් සතු
දේවල් සොරා ගැනීම පරිකප්පාවහාර
නමින් හඳුන්වනව. මුදල් සොරකම්
කිරීමේ අදහසින් රාත්රී
කාලයේ ගෙයකට ඇතුල්වෙලා ගෙයි
තියන පෙට්ටියක් දැකල මෙහි මුදල්
තියනවනම් ගන්නව කියල හිතල පෙට්ටිය
ගෙයින් පිටතට ගත්විට සැබැවින්ම
ඒකෙ මුදල් තිබ්බ නම් පෙට්ටිය ඔසවපු
ගමන් අදත්තාදානය සිදුවෙනව. මුදල්
තිබ්බෙ නැත්නම් සිදුවෙන්නෙ නැහැ.
පිටතට ගත්ත පෙට්ටිය පරීක්ෂාකර
මුදල් නැතිව විසිකරල ගියහමත්
අකුසලය සිදුවෙන්නෙ නැහැ. ඒත්
ඒකෙ මුදල් තිබුනෙ නැතත් වෙනත්
වටිනා දෙයක් තියනව දැකල ඒක ගන්න
නැවත පෙට්ටිය උස්සගෙන ගියොත්
දෙවෙනි සැරේට උස්සන කොට
අදත්තාදානය සිදුවෙනව.
අනුන්ගේ ගෙයක තියන භාණ්ඩයක්
දැකල "මේක පිටකරගන්න පුළුවන්
වුනොත් ගන්නව, කවුරැ හරි දැක්කොත්
තියල යනව" කියල හිතල යම් කිසි
දෙයක් ගැනීම ප්රදේශ පිළිබඳ
නියමයක් නැතිව ගැනීමයි. එහෙම
කල්පනා කරල ඒක අතට ගත්ත
කෙනා ගෙය ඇතුළෙ ඉන්න කල්
අදත්තාදානය සිදුවෙන්නෙ නැහැ.
භාණ්ඩෙ අරගෙන ගෙයින් පිට වුන ගමන්
අකුසලය සිදුවෙනව.
4. වැඩ කරන වැඩ පලක හරි නාන
තැනක එතනට ආපු අය තියපු
කුඩා භාණ්ඩ වැලි වලින් ලීකුඩු වලින්
හරි වහල තියල අයිති කාරයන් සොයල
නොදැක ගිය වෙලාවේ ඒවා ගැනීම
පටිඡන්නාවහාර කියන අදත්තාදානයට
අයත්. එහෙම කරන විට තිබූ තැන්වලම
බඩු වහන කෙනාට ඒවා ගන්න
තුරැ අදත්තාදානය සිදු
වෙන්නෙ නැහැ. බිම තියපු දෙයක්
පසුව ගන්න අදහසින් පාගල යට
කළා නම් ඒ වෙලේම අකුසලය
සිදුවෙනව.
5. කඩදාසි වල නම් ලියල අකුලල
භාණ්ඩවලට දාල යම් දෙයක් බෙදන
අවස්ථාවක අන් කෙනෙකුට ගිය දෙයක්
ගන්න හිතාගෙන තමාගේ නම තියන
කඩදාසිය ඒ භාණ්ඩයට දාල
ඒකෙ තිබුන එක තමන්ට ලැබුන
භාණ්ඩයට දාල සොරකම් කිරීම
කුසාවහාර නම් අදත්තාදාන
අකුසලයට අයත්වෙනව.
දත්තාදාන
අකුසලයේ කුඩා බව
විශාල බව සිදුවන
ආකාරය
වටිනාකම මඳ වස්තුවක් සොරකම් කල
විට විපාකය කුඩා වෙයි. වටිනාකම
වැඩි වස්තුවක විපාකය වැඩියි.
කුඩා වස්තුවකට ම ඳ වශයෙන්ද විශාල
වස්තුවකට විශාල වශයෙන්ද අකුසල්
සිදුවේ. ගුණවතුන්ගේ වස්තු සොරකම්
කිරීමෙන් විශාල අකුසලයක්
සිදුවෙයි.ගුණයෙන් අඩු අයගේ දේවල්
ගැනීමෙන් අකුසල් මඳ වශයෙන් සිදුවේ.
දුශ්ශීලයකුගේ දෙයක් ගැනීමට
වඩා පන්සිල් රකින කෙනෙකුගේ දෙයක්
ගැනීමේදී අකුසලය වැඩියි. ඊට
වඩා උසස් සිල් ඇති අයගෙ දේවල්
ගැනීම සීලය අනුව වැඩිවෙයි.ගුණ වලින්
ගන්න තැනැත්තාත් අයිති තැනැත්තාත්
සමාන වන විට යොදන උපක්රම හා ඒ
අවස්ථාවේ ඇතිවන කෙලෙස් වල
ප්රමාණය අනුව විපාකය අඩු වැඩි විය
හැකියි. දරැණූ සිතකින් ගත් විට අකුසල්
සිදුවීම වැඩියි. මෘදු සිතකින් අකුසල්
අඩුයි.
අදත්තාදානයේ විපාක
අනුන් සතු දේවල් සොරකම් කල අය
මෙලොවදීම බොහෝ නින්දා ලබනව.
අත්පා වලින් ගල් මුල් පොලු වලින් පහර
දීම් වලට ලක්වෙන්න පුළුවන්. සමහර
අවස්ථාවල පහරදීම නිසා තිරිසනුන්
වගේ තැන් තැන් වල ‍මැරෙන්න
සිදුවෙනව. සිර ගෙවල් වලට කසපහර
වලට අතපය කපා දාන දඬුවම් වලට
ලක්වෙනව. මැරැණට පස්සෙ අපාගත
වෙනව. විලි වසාගන්න වස්ත්ර නැති
වාසස්ථාන නැති පිපාසෙන්
සාගින්නේ ඉන්න ප්රේතයො විදිහට
ඉපදෙන්න වෙනව. තිරිසන්ව ඉපදීමෙන්
බර ඇදීම් වලට යොදාගන්නා සතුන්
බවට පත්ව දුක් විඳින්න සිදුවෙනව.
මිනිස් ආත්මයක් ලැබුවොත් ඇට නහර මතු
වුණ කුණු තැවරැණ ශරීර ඇතිව ‍නොයෙක්
රෝග අතිව කිළිටි ඇඳුම් ඇති ගිය ගිය
තැන බැණුම් වලට ලක්වෙන හිඟනන්
බවට පත්වෙනව. ඉතා අමාරැවෙන්
ආහාර ආදිය ලබන්නන් බවට පත්වෙනව.
ධනය ලබාගන්න කොතරම් උත්සාහ
කළත් ධනවත් වෙන්න බැරැව යනව.
අමාරැවෙන් ධනය ලැබුනත් වැඩිකල්
පවතින්නෙ නැති වෙනව.
දෙමව්පියන්ගෙන් උරැම වුන දේවල්
වුනත් වැඩිකල් පවතින්නෙ නැහැ.
නිතරම දුගී දුප්පත්ව නොලැබීම ගැනම
සිතමින් දුකින් සිටීමට සිදුවෙන

Wednesday, May 4, 2011

ඔබ අතර සිටින අයෙක් මාර්ග ඵල ලැබුවෙක් යැයි ප්‍රකාශ කරනවාද?


අප අතර නොයෙකුත්
මාර්ග ඵලයන්ට
පත්වෙච්ච උතුම්
සත්පුරුෂයන් සිටිනවා.
ඉතින් ඒ සත්පුරුෂයන්
හඳුනාගන්නටත්
නොයෙක් ක්රම
තිබෙනවා. මේ සටහන
තුලින් පවසන්නට
යන්නේ ඔවුන්
හඳුනාගන්නට රුකුලක්
විය හැකි පුංචි කරුණු
කීපයක්.
ධර්මයේ සඳහන් වන
පරිදි යමෙකු
අරිහත්වය ප්රකාශ
කරන්නේ නම්
එසේ ප්රකාශ කරන
අවස්ථා 5ක්
තිබෙනවා. ඉතින්
අරිහත්වයට පමණක්
නොවේ අනෙකුත්
මාර්ග ඵල
ප්රකාශයට පත්
කරන්නේ නම් එවැනි
අවස්ථාවන්ටත්
මේකරුණු 5 මනාව
ගැලපෙනවා.
අංගුත්තර
නිකායගේ 3වන
ග්රන්ථයේ ඒ
කියන්නේ පඤ්චක
නිපාත කියන
ග්රන්ථයේ 2. දුතිය
පණ්ණාසක කොටසේ 5.
කකුධ වග්ග කියන
කොටසේ 3 වන සූත්රය
අඤ්ඤබ්යකරණ සූත්රයයි.
එහි සඳහන්
වෙනවා මෙසේ...
1.
මන්දත්තා මොමුහත්තා (මෝඩකම
හා මුලාව හේතුවෙන්
අධිගම ඇතැයි
පැවසීම)
2.
පාපිච්ඡා ඉච්ඡාපකතෝ (ලාභ ‍කීර්ති
ප්රශංසා ආදී ලෝභ
බලාපොරොත්තුවෙන්
තමනටඅධිගම ඇතැයි
පැවසීම)
3. උන්මාදා චිත්ත
වික්ඛෙපා (පිස්සුවෙන්
තමන්ට අධිගම ඇතැයි
කීම)
4. අධිමානෙන
(අධිමානය
නිසා තමන්ට අධිගම
ඇතැයි කීම)
5. සම්මදේව
(සැබෑ ලෙසම තමන්
ලබා ඇති අධිගමය අන්
අයටද
ලබාදීමේ අපේක්ෂාවෙන්
මනාකොටප්රකාශ
කිරීම)
ඉතින් මේ වන විට අප
අතරත් නොයෙක්
දෙනා තමන්
අරිහත්වයට පත්වී ඇති
බවත් තමන් අනාගාමී
බවත් පවසන අතර
එතැනින් නොනැවතී
තමන් බුද්ධත්වයටද
පත්ව ඇති බව පවසයි.
ඉතින් මෙවැන්නවුන්
හමුවේ ද්වේශ සිතින්
කටයුතු නොකොට
මනාකොට අධ්යනය
කරන්නට
යොමුවෙන්න...
අනාගාමී ඵලයට
පත්වූ තැන් පටන්
කොටගෙන ඉන් ඉහල
අවස්ථාවන්ටද පත්වූ
යමෙක්
වේ සැබෑවටම
එවැනි උත්තරීතර ඵල
ලැබූවෙක් නම් ඒ ආර්ය
පුද්ගලයන්ට ද්වේශ
සහගත ක්රියා වදන්
ඇතිවීමට හේතු නැත.
තරහාව ගැටීම ආදී
ද්වේශ සහගත අරමුණු
කෙරෙහි හේතු නිරෝධ
කොට ඇති මෙවන්
උතුමන් කිසි
ලෙසකින්වත්
එසේ කෝපයට
පත්වීමට
හෝ ද්වේශයෙන්
කටයුතු කරන්නට
අවස්ථාවක් නැත.
ඉතින් යමෙකු තමන්
එසේ උත්තරීතර
ඵලයන්ට පත්වී ඇතැයි
කියන්නේ නම් දුර සිට
අධ්යනය කරන්න...
රාගයෙන් ද්වේශයෙන්
මෝහයෙන් පිරි
කථා බහක්, ක්රියාවක්
ඔවුන් ලග නොමැතිනම්
මඳක් ලංවී ඇසුරු
කරන්න...
මනා සිහියෙන් කියන,
කරන දෑ අධ්යනය
කරන්නට පෙළඹෙන්න...
යමෙකුට රඟපෑමට
හැක්කේ ඉතාමත්
කුඩා කාලයක් තුල
පමණි... තමන් තුල
බලෙන් යම් දුර්ගුණයක්
දුෂ්චරිතයක්
යටපත්කොට සිටී නම්
අවස්ථාවක් අරමුණක්
ලැබූ විගස එය
ක්රියාත්මක වෙනවා...
ඉතින් බොරුවට
මානයෙන්
මුලාවෙලා තමන්ට
එවන් වූ උත්තරීතර ඵල
තිබෙනවායැයි කියන
යමෙක් වේ නම්
ඔහුගේත් / ඇයගෙත්
යථා ස්වභාවය
එලියට විද්යාමාන
වන
අවස්ථාවක් ‍සොයාගන්නට
හැකියාවක්
තිබෙනවා. ඉතින් ඔබට
රාගය, ද්වේශය
මෝහය වඩාගන්නට
උපකාර කරන යමෙක්
වේ නම් එවන් වූ
අධර්මයක් සත්ධර්මය
ලෙසින් යමෙක්
පෙන්වා දෙනවා නම්
වහ වහා ඔබව
බේරාගැනීමට
ගලවාගැනීමට
කටයුතු කරන්නට
නුවණැති ඔබට
හැකිවිය යුතුයි.
මුලාවූවන් හැමදාම
අප අතර සිටිනවා...
සම්මා සම්බුදු
පියාණන්වහන්සේලා ලොව
පහලවී සිටින කාලය
තුලත් එවන් මුලාවූවන්
සිටිනවා... ඒත්
නුවණැත්තාට එයින්
බාධාවක් නැහැ.
විවෘත මනසකින් මග
නොමග තෝරාගෙන
තම තමන්ගේ විමුක්තිය
කරා සාර්ථකව සිත,
කය, වචනය
මෙහෙයවා ගන්නට
නුවණැත්තාට
හැකියාවක්
ලැබෙනවා.
ඉක්මන් තීරණ ගෙන අන්
අයට අපහාස
කරන්නට, විවේඡනය
කරන්නට, ද්වේශ
කරන්නට නොගොස් තම
තමන්ගේ මාර්ගය
පාදාගෙන ඉක්මනින්
විද්යා විමුක්තිය
ලබන්නට
නුවණැත්තෝ කටයුතු
කරගත යුතුමයි.
නැතහොත් තව තවත්
එවන්වූ මුලා වූ අන්ධ
බාල පෘතග්ජන පිරිස
මැද නැවත නැවත
අතරමංව සසර දිගු
කරගෙන අනන්ත
දුකකට
කරගසා ගැනීමෙන්
ඔබව වලකා ලන්නට
කිසිවකුටත් නොහැකි
වේවි. සැබෑවටම
තමන්ට ඇති ඵලයක්
ප්රකාශ කරන
උත්තමයනුත් අප
අතරම සිටිය හැකි
බැව් නුවණින්
වටහාගෙන එවන්
සත්පුරුෂ ඇසුරක්
තමන්ටත් නොපමාව
ලැබේවායි යන මෙත්
සිතින් කටයුතු කරමින්
සත්ධර්ම ශ්රවණයට
යොමුවීමත්
අසාගන්නා සත්ධර්මය
තුල නුවණ
මෙහෙයවමින් හේතු
ඵල දහම මනාවට
අවබෝධ කරගන්නට
තමන් තුලින් ලබාදිය
යුතු කොටසත් පූර්ණ
කරගනිමින් දහම්
අනුදහම් පිළිවෙතට
පිවිසගන්නට දැඩි
අදිටනින් යුතුව කටයුතු
කරන්නට පෙළඹීම
බුද්ධිමත් නුවණැති
ඔබට අයත් කටයුත්තකි.
කියන්නා කෙසේ කීවත්
අසන්නා සිහි
බුද්ධියෙන් ඇසූවහොත්
කිසිවෙකුටත් අලාභයක්
සිදුනොවනු ඇත.
අඥානයින්ට තම
තමන්ගේ වටිනා මිනිස්
ජීවිත බිලිදීමට
මත්තෙන් මඳක්
සිතන්න... ඉවසූ තරමට
ප්රතිඵලද යහපත්
වේවි... ඉක්මන් වී
බාහිර කරුණු මතින්
තීන්දු තීරණ ගෙන
මුලාවටම මග
පාදා ගතහොත්
අමාරුවේ වැටෙන්නේ ඔබමය...
සසර දිගු
වන්නේ ඔබටමය...
එවිට ඔබව
බේරාගන්නට ඔබට
මුලා උපදෙස් දුන්
අධර්මය ධර්මය
ලෙසින් දුන් සත්පුරුෂ
ප්රතිරූපක ලෙසින්
මවා පෑ අසත්පුරුෂ
සහාය නොලැබේවි...
මන්ද ඔවුන් ඔබටත්
පෙරම සසර දුකෙහිම
ගිලී යන නිසාවෙනි...
ඉතින් මුලාවූ
මෝහසහගත
අසත්පුරුෂයින්ගෙන්
තොරලොවක් පතමින්
සටන් වදිමින් බැන
වදිමින් තර්ක වාද
කරමින් වටිනා කාලය
විනාශ කරගනිමින්
තමන්ට ලැබෙන
වටිනා අවස්ථාවන්
මග
හරවා ගන්නේ අනුවණයින්ම
වේ... ඉතින් මෙම කරුණු
මනා කොට ඇසුරු ‍කොට
තම තම නැණ පමණින්
විමසා යහපත
සිදුකරගන්නට සුදුසු
පරිදි කටයුතු
කරගන්නට
කැමැත්තෝ පෙළඹෙත්වා!
කිසිවෙකුටත් ඔබව
ගලවා ගත
නොහැකියි... සිත, කය,
වචනය රාගයෙන්
ද්වේශයෙන්,
මෝහයෙන්
සංවරත්වයට
පත්වන්නේ යම් දිනකද
එදිනට ඔබ ඔබේම
ගැලවුම්කාරයා වනු ඇත.

පින් හා කුසල් අතර වෙනස කුමක්ද?

‘පින’ හෙවත් ‘පුණ්ය’ යනු සිත කය
වචනය තුළින් කැරෙන යහපත්
ක්රියාය. එම හොඳ කටයුතු කරන
විට ඒ පුද්ගලයා සම්පත්
ලබන්නෙක් වෙනවා. විස්තර
සහිතව පවසන විට දාන, සීල
භාවනා පින්දීම පින්
අනුමෝදනාව, බණ ඇසීම, බණ
දෙසිම, පිදිය යුත්තන් පිදීම,
වතාවත් කිරීම, දෘෂ්ටිය
සෘජුකරන කටයුතු ලෙස දහයකට
බෙදේ. මේවා දස පුණ්ය
ක්රියාය.
මීළඟට අපි දැනගත යුත්තේ කුසල
යනු කුමක් ද? එහි පිනට
වඩා වෙනසක් තිබේ ද? යන්නයි.
කුසල් යනු යම් පාප ක්රියාවක්
සිදු නොවන ස්වභාවයේ පිරිසුදු
මනසක් සකස් වීමයි. එනම්
අභ්යයන්තරයේ තිබෙන ලෝභ,
ද්වේශ, මෝහ දවා හැරීම, දුරු
කර හැරීමයි. අලෝභය,
අද්වේශය, අමෝහය, පර පණ
නැසීමෙන් වෙන් වීම,
අදත්තාදානයෙන් වෙන්වීම,
කාම මිත්යාචාරයෙන් වෙන්වීම,
බොරුවෙන් වෙන්වීම,කේළමෙන්
වෙන්වීම, පරුෂ වචනයෙන් වෙන්
වීම, සම්ප්රපලාපයෙන් වෙන් වීම
යනු දස කුසල් වේ. මෙසේ කුසලය
කැටි කර කොටස් තුනකින් ද,
විස්තර සහිතව කොටස් දහයකින් ද
විස්තර කිරිමට පුලුවන්. පාපයෙන්
වෙන් වීමම කුසල් කියන බව
මෙසේ දැන ගත යුතුය.
හැබැයි පින් කරන පුද්ගලයෙක්
ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන්
යුක්තව කටයුතු කලා නම් ඔහු කල
ඒ පිනෙන් කවදාවත් ඔහුව
සුගතියක යවන්න හේතු නැහැ.
නමුත් උපන් උපන් තැන අදාල
සම්පත් බුක්ති විදින්නට හේතු
තිබෙනවා.
අපි දැන් හිතමු දානපතියෙක්
ඉන්නවා දුගී මගී යාචක ආදි
පුද්ගලයන්ට දන් දෙනවා, උදව්
උපකාර කරනවා. හැබැයි අනිත්
පැත්තෙන් ගෙදර වැඩට ඉන්න
වැඩකාරිටවත් ඉන්න
දෙන්නේ නෑ. ඇතුලෙන්
කරන්නේ බලු වැඩ. රාග, මෝහ
දුශ්චරිතයෙන් කරන කටයුතු
වලිනුයි අභයන්තරය
හැදිලා තියෙන්නේ. මේ කරපු
බලු වැඩ නිසා ඔහු
උපදිනවා බල්ලෙක් වෙලා.
හැබැයි
කෝටිපතියෙකුගේ මාලිගාවක.
දීපු දානයේ පින කොට්ට, මෙට්ට
උඩ ඉදන් විදවනවා. විශේෂ
කෑම බීම, බෙහෙත් ආදි..
සාමාන්ය මිනිහෙකුටත් නැති
සැප සම්පත්තියක් බුක්ති විදිනවා.
පින් කරලා මහත් සැප
සම්පත්තියකට උරුමකම් ලබපු
අතර අකුසලයෙන් තිරිසන්
උප්පත්තියකට උරුමකම් ලැබුවා.
එතකොට නිවන් මගට යොමුවන
සමහර අයගෙ තියෙන දෘෂ්ඨියක්
තමයි.. පින නිවන් මගට
බාධාවක් අපි කුසල් විතරයි
රැස්කරන්න ඕන, පින් කෙරුවොත්
මේ සසර ගමන ඇති වෙනවා, ඒ
හින්දා පින් නොකර කුසල් කර
ගන්න ඕනෙ, භාවනා කරන්න
ඕනෙ, ප්රතිපත්ති රකින්න
ඕනෙ කියල හිතලා… කටයුතු
කරනවා. ඒ..ක සුගතියේ උපදින්න
හේතු වෙනවා. හැබැයි දිව්ය
ලෝකයක ඉපදුනත් අල්පශාක්ය
දෙවියෙක් වෙනවා. ඔහුට සම්පත්
හිගයි. මිනිහෙක් වෙලා උපන්නොත්
හොද නුවන ඇතිව උපදිනවා.
හැබැයි එදා වේල කන්නෙත්
බොහොම අමාරුවෙන්.
එහෙනම් කුසලය සුගතියටත්,
අකුසලය දුගතියටත් හේතු
වෙනවා.
සුගතියේ හෝ දුගතියේ සැප
සම්පත් විදීමට කරපු පින් හේතු
වෙනවා. ආයුෂ, වර්ණ, සැප,
බල, නුවණ ගෙන දෙන
ඥාණසම්ප්රයුක්තව කරන පින්
දහම්, ඒ කිව්වේ යම් කිසි
පුද්ගලයෙක් පිනක් කරන
මොහොතක එයා අලෝභයෙන්
අද්වේශයෙන් අමෝහයෙන් යුක්තව
කලා නම් එයාට පිනයි, කුසලයි
දෙකම එකට හම්බවෙනවා.
එතකොට ඒ ගුණයෙන් උපන්නොත්
එහෙම සුගතියක උප්පත්තිය
ලබලා අසීමිත සම්පතකටත්
හිමිකමත් ලැබෙනවා. දස
කුසලයෙන් ජීවත්
වෙලා ධර්මානුකූලව කටයුතු
කරන කෙනා පිනක්
කරලා පැතුමක් පැතුවා නම් එය
ඉටු වෙනවා කියල බුදු රජාණන්
වසන්සේ දේශණා කර තිබෙනවා.
බුද්ධ දේශනාවේ තියෙන්නේ..
පින් කරන්න බය වෙන්න එපා..
පින කවදාවත් ආර්ය මාර්ගයට
බාධාවක්
වෙන්නෙ නැහැ කියලයි. සීවලි
මහරහතන් වහන්සේගෙ ලැබීම
කවදාවත්
උන්වහසේගෙ විමුක්තියට
බාධාවක් වුණේ නැහැ.
මෙම ලිපියට ඔබ කැමති නම්,
අනෙක් අයටත් කියන්න

"පිළිවෙතින් පෙල ගැසෙමු" යන්න මෙවර 2600 වෙනි සම්බුද්ධත්ව ජයනතිය තේමාව වන්නේය.මෙය ප්රදර්ශනාත්මකව අද දක්නට ලැබෙනවා. නමුත් මෙහි හරය කුමක් ද?


*”පිළිවෙතින් - පෙළගැසෙමු” කියන පාඨය ඇත්තටම කිව්වොත් වචන ටිකක් පමණයි. මෙය ගැඹුරු අර්ථයක් ඇති, විනිවිද භාවයක් ඇති, තමන්ගේ ජීවිතය තුළින් දකින ක්රියාවක් විදිහටයි මට අර්ථ දැක්විය හැකි වන්නේ. නමුත් මේ වචන ටිකේ ගැබ්වුණු ගැඹුරු අර්ථය මිනිසුන් හරියාකාරව අවබෝධ කරගෙන නැහැ. පිළිවෙතින් යනු තුනුරුවන්ට ගරු කරන, තුනුරුවන් පිළිගන්න, තුනුරුවන් කෙරෙහි ශ්රද්ධාව ඇති බෞද්ධයෝ පංචශීල ප්රතිපදාවෙහි හික්මෙමින් දස අකුසල කර්මයන්ගෙන් වැළකී, දස කුසල කර්මයෙහි හික්මෙමින් ගිහි ජීවිතයක් ගතකිරීමයි. පිළිවෙතින් පෙළගැසිය යුත්තේ ඒ වෙනුවෙනුයි.

Monday, May 2, 2011

සමබුද්ධ හා සම්බුද්ධත්ව ජයන්තිය

* “සම්බුද්ධ ජයන්තිය”
අභිමානවත් ලෙස සමරන්න
ලෝකවාසී බෞද්ධ ජනතාවම
සූදානම්. “සම්බුද්ධ ජයන්තිය”
යන වචනයේ අර්ථය පැහැදිලි
කළොත්?

ලෝකයේ කොතෙකුත් ශාස්තෲවරුන්
පහළ වුණත් ඒ සියලු ශාස්තෲවරු
චතුරාර්ය සත්ය
දේශනා කරන්නේ නැහැ.
චතුරාර්ය සත්ය ධර්මය
දේශනා කරන්නේ සම්යක් සම්බුදු
රජාණන් වහන්සේලා පමණයි.
මේ මහා භද්ර කල්පයේ හතරවන
වරට පහළ වන්නේ ගෞතම නම්
බුදුරජාණන් වහන්සේයි.
බුද්ධත්වය පිණිස යම් කෘත්යයක්
තිබේ නම් එය සාරාසංඛෙයිය
කල්ප ලක්ෂයක් පෙරුම්
පුරා සම්පූර්ණ කළ යුතුයි.
එදා දීපංකර පාදමූලයෙහි සිට
නියත විවරණ ලබා බුද්ධත්වය
පිණිස යම් කෘත්යයක් වේද එය
ඥාති චර්යාව, ලෝක චර්යාව,
බුද්ධ චර්යාව යනාදී ලෙසින්
සිදුකරනු ලැබුවා. දාන, ශීල,
භාවනා ආදී ක්රියාවන් මුල්කර
ගනිමින් දස පාරමිතා,
පාරමිතා උප පාරමිතා පුරමින්
උන්වහන්සේ උතුම් බුද්ධත්වය
ලබා ගත්තා.
”සම්බුද්ධත්ව ජයන්තිය” යනුවෙන්
අදහස් කරන්නේ බෝසතාණන්
වහන්සේ බුද්ධත්වයට පත් වූ
දා සිට, එහිදී මේ වන විට වසර
2599 ක් ගත වී ඇති අතර,
එළඹෙන වෙසක් හෝ දිනයේදී
වසර 2600 ක් සම්පූර්ණ
වෙනවා. මෙහිදී අවධානය යොමු
කළ යුතු වන්නේ සම්බුද්ධත්ව
ජයන්තිය යනු බුද්ධත්වයට
පත්වීමෙන් පසු මේ දක්වා ගතවුණු
කාලපරාසයයි.
මෙහිදී “සම්බුද්ධ” සහ
“සම්බුද්ධත්ව ජයන්තිය”
කියන්නේ අර්ථ දෙකක්. මෙතනදී
වෙසක්වලදී අපි ගණනය
කරන්නේ පිරිනිවන් පාලා වසර
2555 ක් ගතවීමයි. අපි
“සම්බුද්ධත්ව ජයන්තියේදී”
සමරන්නේ එතනට තවත් වසර 45
ක කාලයක් එක්කරමින්. ඒ
උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ
දා සිටයි. මේ අර්ථ අතර වෙනස
මූලිකව ම අප පැහැදිලි කර ගත
යුතුයි.

තෙරුවන් සරණයි!

ශීලය යනු

බෞද්ධ ශීලය යනු
කුමක්ද?
ධර්මය ගැන
කියැවීමෙන්.ඇසීමෙන්
හා කල්පනා කිරීමෙන් ඒ
සම්බන්ධයෙන් මූලික විශ්වාසයක්
ඇතිවූ විට මාර්ගය අනුගමනය
කිරීම පිළිබඳ පළමු පියවරවල් ගත
හැක. මෙයින් අදහස්
කරන්නේ කෙනෙකු ලෝකයෙහි ගත
කරන ජීවිතය හසුරැවන
සදාචාර ධර්ම පිළිබඳ
විමර්ශනයකි. බුදු දහමෙහි
අරමුණවූ සිත දියුණු කිරීම
හා නිදහස් කිරීම පිළිබඳ කරැන
අභ්යන්තර ජීවිතයට සම්බන්ධ
වූවකි. එම අභ්යන්තරය ජීවිතය
දෙසට හැරීමට පළමුව බාහිර
ජීවිතයද සකස්කර ගැනීම
අවශ්යය. මෙහිදී සියල්ල පෙනෙන
තරම් සරල නොවන බව යලිත් කිව
යුතුය. බෞද්ධ සදාචාරය වෙනත්
අන් නීති සමූහයක් මෙන් සැලකිය
නොහැකිය. යමක්
තෝරා ගැනීමේදී එය තෝරා ගත්
විට එය හඳුනා ගැනීම
සඳහා නුවණද විවේක බුද්ධියද
වර්ධනය වී තිබිය යුතුය.
අධිෂ්ඨාන ශක්තිය වර්ධනය
කිරීමත් විවේක බුද්ධිය වර්ධනය
කිරීමත් යන දෙක අතරින් බුදු
දහම පළමු වැන්නට
වඩා දෙවැන්න කෙරෙහි
අවධානය දක්වයි. අන්ධයකු මෙන්
දක්වන කීකරැකම ගැන බුදු දහම
ධෛර්යයක් නො දීම එයට
හේතුවයි. එහෙයින් කිසියම්
පුද්ගලයකු තමා අනුගමනය
කරන්නේ නුවණට හුරැ නො වන
පිළිවෙතක් යයි අවබෝධ වන
තෙක්, ඔහුට රැචි වූ ඒ මාර්ගය
අත්හැර දැමීමට සාමාන්යයෙන්
නො පෙළඹේ.
බෞද්ධ සදාචාරය යනු ඇත්ත
වශයෙන් ම ස්වාභාවික
සදාචාරයකි. එය පදනම් වී
තිබෙන්නේ පුද්ගලයා ගේ ක්රියාවල
ප්රතිඵලයක්වශයෙන් අත්දැකීම්
ඇසුරින් ලත් අවබෝධය හා එක්
මඟක් වෙනුවට අන් මඟක්
තමා විසින්ම කරැණු සහිතව
තෝරා ගැනීම කෙරෙහිය. මෙහිදී
බාහිර නියෝජිතයකුගේ පිහිට
පතන්නේ නැත.දෙවියන්
වහන්සේගේ අණ පිළිපැදීමට ද
කියන්නේ නැත. එසේ ම භය
හෝ ප්රේමය ද සම්බන්ධ නො වේ.
අදාල
වන්නේ අත්හදා බැලීමෙන්
හා විමසීමෙන් යුතුව කරන ලද
තෝරා ගැනීම මත පදනම් වූ
අවබෝධය පමණය.
බොද්ධයන් විසින්
තමන්ගේ සදාචාර පද්ධතිය
ඉදිරිපත් කරන පාඨයන්හි
මේ ආකල්පය ප්රකට වේ. මෙහි
නීතියක් නැත. එසේම කළ යුතුය
නොකළ යුතුය යන විධානයක් ද
නැත. ශික්ෂණයට අදාළ රීති
කිහිපයක් බාර ගැනීමට
බෞද්ධයාට ආරාධනාවක්
කරනු ‍ලැබේ. සමඟිය හා සතුට
සොයනු කෙනෙකුට අත්යාවශ්ය
සේ සැලකිය යුතු නිහඬ ආත්ම
විශ්වාසය ලබා ගැනීම
සඳහා ශික්ෂණයට අදාළ නීති
ප්රයෝජනවත් යයි ඔහුට පෙනී
යා හැකිය. මෙහිදී නීති
දායකයෙක් නැත. අණ කිරීමක්
නැත. එහෙත් මෙහි විද්යාමාන
වන්නේ සාමාන්ය බුද්ධියට ද
සමාජ පටිපාටියට ද යොමු කරන
ලද ඉල්ලා සිටීමකි.
බුදුන් වහන්සේ ගේ ඉගැන්වීමෙහි
පදනම ලෙස පවත්නා සදාචාර
අංශය තැනී තිබෙන්නේ පන්සිල්
මඟිනි.
1.පණ ඇති සතුන්ට හිංසා කිරීමෙන්
වැළකීමේ සිල් පදය සමාදන්
වෙමි.
2.නුදුන් දෙය ගැනීමෙන්
වැලකීමේ සිල් පදය සමාදම්
වෙමි.
3.ඉඳුරන් වැරදි ලෙස
භාවිතා කිරීමෙන් වැළකීමේ සිල්
පදය සමාදන් වෙමි.
4.වැරදි වචනයෙන්
වැළකීමේ සිල් පදය සමාදන්
වෙමි.
5.මනස අඳුරැ කිරීමට සිහි
මුලාවට හේතුවන ‍මත් පැන් මත්
ද්රව්ය ගැනීමෙන් වැලකීමේ සිල්
පදය සමාදන් වෙමි.
පළමු සිල් පදයෙන්
ජීවිතයේ සම්භාව්යත්වය
අරභයා ක්රමයෙන් වැඩෙන සුළු
වැටහීමක් ගම්ය වෙයි.
'නොමැරිය යුතුය' යි බෙහෙවින්
පරවර්තනය කරනු ලබන
මේ සිල්පදය ප්රාණීන්
නො මනා ලෙස භාවිත කිරීම
පීඩාවට පත් කිරීම හෝ කවර
විධිහකින් හෝ හිංසා කිරීම
නැවැත්විය යුතු බව ප්රකාශ
කරයි. මරණයට පත් කිරීම
හෝ අනවශ්ය ලෙස මැරීමෙන්
වැළකීම ඉන් අදහස් කරන්නේ යයි
මුලදී පෙනි යන්නට ඉඩ ඇත.
එහෙත් ක්රම ක්රමයෙන්
මේ ශික්ෂණයට අදාල රීතිය අළුත්
වැදගත් කමක් දැරීමට ආරම්භ
කරයි.
මගේ කුසගින්න නිවා ගැනීමෙන්
ලැබෙන සොම්නස
සඳහා ප්රාණින්ගේ ජීවිතය කැප
කළ යුතුද, මා ශෝභන ලෙස
සැරසීමට ඝාතනය කළ
සතුන්ගේ සම් හාණ්ඩ ආදිය හාවිත
කළ යුතුද යන ප්රශ්නය පැන නගී.
එවිට ප්රශ්නය වඩා ගැඹුරට
විහිදෙයි මගේ බලා පොරොත්තු
බිඳ දමන විට හො මා අවඥාවට
ලක් කරන විට හෝ මගේ මාරක
චේතනා වලට කුමක් සිදු
වන්නේද? මා අප්රිය කරන
කිසිවකු පීඩනයට පත් වූ විට මට
දැනෙන රහසිගත ප්රීතිය කුමක්ද?
බෞද්ධ සදාචාර පද්ධතියෙහි
පළමු වැනි සිල් පදය රැකීමට
වගකීමෙන් යුක්තව උත්සාහ දරන
විට ඔහු තුළ ගැටළු මෙන්ම සැක
ද රාශියක් එන්න එන්නම
මතුවෙයි. එහෙත් එවැනි ප්රශ්න
ප්රතිඵල සහගතය. මුලදී ඇත්ත
වශයෙන්ම මේ ප්රශ්න
නිසා ජීවිතය අවුල් සහගත විය
හැකිය. එහෙත් ක්රම ක්රමයෙන්
මේ ප්රශ්න වලට මුහුණ දී ජීවිතය
තුළින් විසඳා ගන්නා විට ඔහු
ගේ ජීවිතයට අළුත් වැදගත්
කමක්ද නව ආකල්පයක් ද
උදාවෙයි. තමා කෙරෙහිද අනුන්
කෙරෙහිද ගෞරවය පිළිබඳ නව
හැඟීමක් ඔහුගේ චින්තනය තුළ
පැතිර යයි.
දෙවැනි සිල් පදයෙන් අදහස්
කරන්නේ නුදුන් දේ ගැනීමෙන්
වැළකීමයි. මෙහිදී ද 'සොරකම්
නොකරනු' යයි දැක්වෙන පහසු
අර්ථ විවරණය පැහැදිලි ලෙසම
ප්රමාණවත් නොවේ. ඉන් අදහස්
කෙරෙන්නේ, සජීවී වස්තු කෙරෙහි
දැක්වීමට පළමු වැනි සිල්
පදයෙන් අනුමත කළ ගෞරවය,
අජීවී වස්තු හිමියන් වෙත
දැක්වීමය. කඩා පැන දුවගොස්
යම් යම් දේ ඩැහැ ගැනීම
වෙනුවට ඒවා පිරිනමන තෙක්
බලා සිටීම අවශ්ය ස්වභාවයක්
බව 'නුදුන් දේ නොගැනීම' යන සිල්
පදය කියා පායි. මේ නිසා අද
ප්රචලිත වී පවත්නා 'මට
උවමනායි' යන ආකල්පය වෙනුවට
නියම වූත් විමර්ශනශීලී වූත්
ඉවසීමක් පහළ වෙයි. පළමු සිල්
පදයෙහි දී මෙන්
නුදුන්දේ ගැනීමෙන්
වැලකීමේ සිල් පදය රැකීමට
ගන්නා අවංක උත්සාහය
නිසා ගැඹුරැ ආත්ම
විමර්ශනයකට එය තුඩු දෙයි.
තුන් වැන් සිල් පදය බෙහෙවින්
අර්ථ දක්වනු ලබන්නේ ලිංගික
විෂමාචාරයෙන් වැළකීමක්
ලෙසට ය. එහෙත් මෙය එම සිල්
පදයේ අංග සම්පූර්ණ අර්ථය
නොවේ. මෙහිදී අපට
අනුශාසනා කර තිබෙන්නේ කයද,
කායික වින්දනයද වැරදි ලෙද
භාවිත කිරීමෙන් වැළකීමටය.
වැරදි ලෙද ලිංගික සේවනයෙහි
යෙදීම මෙන්ම පමණ නොදැන
ආහාර ගැනීමද මීට අයත්ය. තුන්
වැනි සිල් පදය සමාදන් වන
තැනැත්තා ගෙන් සිය සිරැරද,
ඉන්ද්රියන් ද, ලිංගික අශාවන්ද
තමා විසින් මෙහෙයවනු
ලබන්නේ කවර ආකාරයටද යන්න
ගැන සිහි කල්පනාව යොමු කිරීම
අපේක්ෂා කරනු ‍ලැබේ.
මේ වනාහි තවුස් පිළිවෙත
සඳහා කරනු ලබන ඉල්ලා සිටීමක්
නොවේ. ලිංගික ජීවිතයෙන්
බැහැර වීමට බෞද්ධයාට බල
කර නැත. තමාට සොම්නස
දනවන ආහාර ගැනීමෙන්
හෝ තමාගේ සිත් ඇද ගන්නා වූද
ඇස් කන් පිනවන්නා වූද
කලා කෘති හෝ ස්වාභාවික
දේ නැරඹීම හෝ ඒවාට සවන්
දීමෙන් වැළකීම හෝ ඔහුගෙන්
අපේක්ෂා කරන්නේ නැත. මෙම
සිල් පදයෙන් ප්රකාශ
කරන්නේ තමගේ ඉන්ද්රියන්ගේ ක්රියාකාරීත්වයේ ස්වභාවය
දප්රමාණයද ගැන කෙනෙකු
නිරන්තර වැටහීමකින් යුක්තව
සිටිය යුතු බවය. ඉඳුරන්
පවත්නේ ක්රියා කරවීමට
විනා මැඩ පැවැත්වීමට
හෝ වැරදි ලෙස භාවිතා කිරීමට
නොවේ. ලිංගික හැසිරීමට ඉඩ
ලැබෙන්නේ විවාහය කරණ කොට
ගෙන නොව ඔවුනොවුන් කෙරෙහි
දැක්වෙන ගෞරවය
හා විශ්වාසය නිසාය.බැහැර
කිරීමට සිදුවන්නේ හුදෙක්
සුඛෝපභෝගීත්වය නොව
ඕනෑ දෙයක් ගැන දැඩි ලෙස
එල්බ ගෙන යෙදීමෙන් තම සිත
එයින් වහල් කර ගැනීමද අනෙක්
සතුන්ට හෝ පුද්ගලයන්ට පීඩා ඇති
කිරීම යන කාරණාවන්ය.
වැරදි වචනය විවිධාකාර ලෙස
හඳුන්වන විස්තර රාශියක්
ධර්මයෙහි දැක්වෙයි.බොරැ කීම
ඒවා අතරින් එක් කරැණකි.
අපවාදය, කේලාම්
කීම,ප්රලාපය, දුෂ්ට අදහසින්
කරන කතා අසන්නන් තුළ ද්වේශය
ප්රචණ්ඩභාවය ඇති
කරවීමේ අරමුණෙන් සිදු කරන
කථා, තමාට කියන ලද රහස් එළි
දරව් කිරීම ආදිය මේ විස්තර වල
ඇතුලත් වෙයි. සතරවන සිල් පදය
රැකීමට දරන්නාවූ පරිශ්රමයෙන්
තම තමා කෙරෙහි දැක්විය යුතු
අවංක භාවය ඇති කර ගැනීම
පිණිස අනවරත ගවේශණයක් කළ
යුතුය.
සයිකෝසියාවෙන් පෙළෙන
පුද්ගලයාගේ පටන්
තමා ඉදිරිපත් කරන සාමාන්ය
මතයට පටහැණි
තොරතුරැ ඉතාමත් පහසුවෙන්
අමතක කරන සාමාන්ය
පුද්ගලයා දක්වා සිදුවන
මේ ක්රියාවලිය ඉතා සංකීර්ණය.
සතර වන සිල් පදය රැකීමට
ගන්නා වූ අවංක උත්සාහය
නිසා, සමහර දේවල් අපට
අමතක වන්නේ කෙසේද අප කියන
දෙය සමහර විට අනෙක් අය
වැරදි ලෙස අර්ථ විවරණය
කරන්නේ කෙසේද යන ප්රශ්ණ මතු
කිරීමට සිදු වෙයි. එය
සිදුවන්නේ අප තුළ පැහැදිලි
බවක් නො පවත්නා නිසාද?
එසේත් නැත්නම් අප තේරැම්
ගැනීමට ඔවුන් අසමත් වීම
නිසාද? කිසියම් කතාවක් අප
නැවත කියන විට ඊට අතිරෙක
අලංකාර පිවිසෙන්නේ කෙසේද?
ආදී වූ කරැණු වඩාත් ලංව
පරීක්ෂා කිරීමට මෙමඟින්
අවස්ථාව සැලසෙයි.අප ළඟ
සිටින කවරෙකුට
හෝ අපගේ හැඟීම් කියා පෑමට
යුහුසුළු වීමට පෙර,ඔවුන්ට පවසන
දේ ගැන කල්පනා කාරී වෙමු.
පවසන දෙයින් ඔවුන් තුළ කවර
ප්රතිඵල ඇති වේදැයි විමසිලිමත්
වෙමු.මේ දේවල් පැවසීමෙන්
ඔවුන්ට හෝ අපට හෝ හානියක්
වන්නට ඉඩක් ඇත්දැයි
සිතා බලමු.
වැරදි වචනයෙන් වැළකීම
එතරම් පහසු කටයුත්තක් නොවේ.
මේ අතින් මුළුමනින්ම සාර්ථක වී
ඇත්තේ ඉතාම ටික දෙනෙකුන්
පමණි. මේ සතරවැනි සිල්පදය
සුළු වශයෙන් හෝ රකින්නේ නම්
මෙය රැකීමට පටන්ගත් වහාම
ඉන් අප තුල ඇතිවන වෙනස අපට
දැන ගැනීමට හැකිය. වේගයද
ශබ්ද නැගීමද නැවතීමට පටන්
ගන්නා හෙයින් මෙහි දී
අපගේ ජීවිත වඩාත් මෘදු වන
බවද නිහඬවන අපට දැනේ.
මේ ගැන අඩුවෙන් සඳහන්
කරන්නේ නම් සවන් දීම
සඳහා අපට පෙරට වැඩි
කාලයක් ලැබෙන බව සඳහන් කළ
හැක.
මුළු බෞද්ධ සදාචාර පද්ධතියම
අර්ථ විවරණය කිරීමට අදාළ වන
ඉඟියක් පස් වැනි සිල් පදයෙහි
ගැබ්ව ඇත.'මනස අඳුරැ කිරීමට
සිහි මුලාවට හේතුවන' දේවල්
වලින් වැලකීම.සදාචාරය
පිළිබඳ බෞද්ධ සංකල්පය අනුව
හානිකර ලෙස සැලකිය
යුත්තේ උවමනාවෙන් ම මනස
අඳුරැ කර ගැනීමය. මෙම සිල්
පදය මඟින් නිරෝගී භාවය,තීරණ
ගැනීමේ ශක්තිය,බුද්ධිමත් භාවය
දුර්වල නොවී පවත්වාගෙන
යාමටද කළ කෝලාහල, හදිසි
අනතුරැ, අපවාද, තිරිසන් ගති
ආදියෙන් වැලකී නිවැරදි දිවි
පෙවෙතක් ගත කිරීමටද පිටු
වහලක් ලබා දෙයි.
බුදුන් වහන්සේගේ ප්රධාන
ඉගැන්වීම යනු භාවනා ක්රමයකි.
එහි අරමුණ වන්නේ සිත පිරිසිඳු
කොට එ මඟින් ඥානය
හා ප්රඥාව පහළ කරගැනීම
හා බාධාවකින් තොරව
ඒවා පිළිබිඹු කිරීමට ද
සැලැස්වීම ය.
මේ සඳහා අත්යාවශ්ය සූදානම්
වීමක් වශයෙන් සැක
හා අවිනිශ්චිත භාවය හිර කර
තබන, ලෝකය ඇති සැටියෙන්
නොව අන් අයුරකින් බැලීමට මඟ
පාදන, මානසික දෘෂ්ටියෙහි
පැහැදිලිකමට හාණි පමුණුවන,
එසේම මනස අඳුරැ කිරීමට
හේතුවන මත් පැන් මත් ද්රව්ය
ගැනීමෙන් වැලකී
තමා හික්මවා ගැනීමට මේ පස්
වැනි සිල් පදය හේතු වෙයි.

දශ අකුසල් සවිස්තරාත්මකව...

දශ අකුශලයන් යනු
මොනවාද?
සිතින් කයින් වචනින් සිදුවන අකුශල
කර්ම දහයකි. ඒවා දශ
අකුශලයන් ලෙස හඳුන්වයි.
ඒවා නම්,
1.ප්රාණාති පාතය
2.අදත්තාදානය
3.කාම මිථ්යචාරය
4.මුසාවාදය
5.පිශුන වචනය
6.පරැෂ වචනය
7.සම්ප්රඵලාපය
8.අභිධ්යාව
9.ව්යාපාදය
10.මිථ්යා දෘෂ්ටිය
ඉදිරියට මේවායේ එක් එක්
කරැණ ගැන විස්තර
වශයෙන්ගෙන ඒමට
බලා පොරොත්තු වෙමි. දහම්
දැනුම නොමැත්තෝ ප්රඥාව
ලබත්වා!
ප්රාණාතිපාත අකුශලය
පරමාර්ථ වශයෙන් ගත් විට
"ප්රාණ" යනු එක් භවයකට
ඇතුළත් නාමරෑප ජීවිතෙන්ද්රිය
පරම්පරාවයි "අතිපාත" යනු
වහා හෙළීමයි. සරලව ගත් විට
කිසියම් සත්වයකුගේ ජීවිතය
පැවතිය යුතු තරම් කල්
පැවැත්වීමට නොදී යම් කිසි
උපක්රමයකින් අතරක දී විනාශ
කිරීම ප්රාණාතිපාත නම් වේ.
මෙය බොහෝ සෙයින් කයින් සිදුවන
පළමු අකුසල යයි.
ප්රාණාතිපාතය සිදුවීමට කරැණු
පහක් සම්පූර්ණ විය යුතුය
1.පණ ඇති සතෙකු වීම
2.පණ ඇති සතෙකු බව දැනීම
3.මැරීමට සිත් පහළ වීම
4.මැරීමට උපක්රම කිරීම
5.ඒ උපක්රම නිසා මරණය සිදු
වීම
මේ අංගයන් පහ සම්පූර්ණ නොවී
යම්කිසිවකු නිසා මරණයක් සිදු
වුවද ඔහුට ප්රාණඝාත අකුසලය
සිදු නෙවේ.යන එන විට පයට
පෑගී කුඩා සතුන් මැරෙයි.
ගොවිතැන් කිරීමේදී නිවාස
ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී
බොහෝ සතුන් මැරෙයි
මැරීමේ චේතනාවක් නොමැති
නිසා අකුසල් සිදු නොවේ. එහෙත්
සතුන් මැරේවායි සිතා පොළව
කෙටීම්, ගොවිතැන් කිරීම් ආදිය
සිදු කළහොත් එසේ කළ
තැනැත්තාට මැරෙන
සතුන්ගේ ප්රමාණයට ප්රාණඝාත
අකුසලය සිදු වේ.
යම් කිසි සත්වයකු මරන අදහසින්
වෙඩි තැබූ විට ඒ සතාට
නොවැදී බලාපොරොත්තු නොවූ
වෙනත් සතෙකුට වැදී
මියගියේ නම් එයින් ප්රාණඝාත
අකුසලය සිදු නොවේ. මරනු පිණිස
තැබූ වෙඩිල්ල වැදී
සත්වයා නොමළේ නම් එයින්ද
ප්රාණඝාත අකුසලය සිදු
නොවේ.වෙඩි වැදුන
සත්වයා අවුරැදු ගනනක්
ගතවීමෙන් පසුව එම වෙඩි පහර
නිසා ඒකාන්තයෙන්
මැරෙන්නේ නම්, වෙඩි තැබූ
තැනැත්තාට වෙඩි තැබූ විගසම
සත්වයා මැරෙන්නට කලින් ම
ප්රාණඝාත අකුසලය සිදු
වේ.මැරීමේ අදහසක් නැතිව
රිදවනු පිණිස ගසන ලද පහරකින්
සත්වයකු එකෙණෙහිම මිය ගියද
පහර දුන් තැනැත්තාට
ප්රාණඝාත අකුසලය සිදු
නොවේ.සත්වයකු සුවපත් කරන
අදහසින් කරන ශල්යකර්ම වැනි
ක්රියාවකදී සත්වයකු මිය
ගියද ‍අකුසල් සිදු නොවේ.
ප්රාණඝාතය සඳහා යොදන
උපක්රම අනුව නැතහොත්
ප්රයෝග අනුව ඒවා ආකාර
හයකට බෙදිය හැක.
1.ස්ව හස්තික ප්රයෝග
මරනු සඳහා ගැසීම් කැපීම් ඇනීම්
ආදී සියතින්ම කරන උපක්රමයන්
මේ යටතට වැටේ
2.ආඥා ප්රයෝග
තමා විසින් සියතින්ම
නොමරා අනෙකකු යොදවා කරනු
ලබන උපක්රම. මේවා ‍සය
ආකාර වෙයි.
(i) වස්තුව : මරනු ලබන
සත්වයා වස්තුවයි. මරන්නට
යෙදවු පුද්ගලයා අදාල
සත්වයාම මරණ ලද නම් අණ කළ
හා මැරැවා වූද දෙදෙනාටම
අකුසලය සිදුවේ. වෙනත් සතෙකු
මරන ලද නම් මැරැවාවූ අයට
අකුසලය සිදුවේ අණ කළ
තැනැත්තා නිදහස් වේ.
(ii) කාලය : රාත්රී
කාලයේ මැරිය යුතු යයි අණ කළ
විට කාලය
වරදවා දිවා කාලයේ මරන ලද
නම් මැරෑ තැනැත්තාට පමණක්
අකුසලය සිදු වේ.නියම කළ
වෙලාවටම මරන ලද නම්
දෙදෙනාටම අකුසලය හිමි වෙයි.
(iii)අවකාශය : එනම් මැරීම
කරන තැන. යම් තැනක සිටන
සතෙකු එම ස්ථානයේදීම
මැරීමට නියම කල විට වෙනත්
ස්ථානයක දී මරණයට පත්
කලේ නම් මැරෑ පුද්ගලයාට
පමණක් අකුසලය හිමි වේ.
උපදෙස් පරිදිම කරන ලද නම්
දෙදෙනාටම අකුසලය සිදුවේ.
(iv) ආයුධය : පිහියකින් ඇණ
මැරීමට නියම කල විට වෙඩි
තබා මරණ ලද නම්
මැරෑ තැනැත්තාට පමණක්
අකුසලය සිදුවේ. පිහියෙන්ම ඇණ
මරණ ලද නම් දෙදෙනාටම
අකුසලය අයිතිය.
(V) ඉරියව්ව : එනම් මරනු ලබන
සත්වයා සිටින ඉරියව්වයි.
නිදා සිටියදී මරන්නට කියු කල්හි
ඇවිදින විට මරනු ලැබු වේ නම්
ඝාතකයාට පමණක් අකුසල්
සිදුවේ.
(Vi) ක්රියා විශේෂය : එනම්
යොදන උපක්රමයයි. පහරදී
මරන්නට නියම කළ විට වස
පොවා මරණයට පත් කිරීම
හේතුවෙන් උපක්රමය කළ
තැනැත්තාට අකුසලය සිදුවේ.
අණ කළ තැනැත්තා නිදහස් වේ.
3. නිස්සර්ගික ප්රයෝග
ගල් ගැසීම, පොලු දමා ගැසීම,
ආයුධ දමා ගැසීම,වෙඩි තැබීම
ආදී වූ ක්රියා. මෙහිදී සත්වයකු
මරනු පිණිස ස්ථාවර ප්රයෝගයක්
කරනු ලැබූවිට මරන්නට
බලාපොරොත්තුවූ සත්වයා මිය
යාමෙන් ප්රාණඝාත අකුසලය
සිදු වේ. වෙනත් සතෙකු හසුවී මළ
විට අකුසලය සිදු නොවේ.
නියමයක් නැතිව ඇටවූ උගුල්
ආදියට හසුවි කවර සතෙකු මිය
ගියද ප්රාණඝාත අකුසලය
සිදුවේ. නියමයක් නැතිව සතුන්
මැරීමට වළක් කපා තැබුවහොත්
ඒ වළ පවතින තුරැ එහි වැටී
මියයන සත්වයකු පාසා අකුසල්
සිදුවේ.
4.ස්ථාවර ප්රයෝග
උගුල් ඇටවීම, උල් සිටුවා තැබීම,
තුවක්කු බැඳ තැබීම, බිම් බෝම්බ
වළලා තැබීම යනාදිය
5.විද්යාමය ‍ප්රයෝග
රසායනික අවි ප්රහාර, විෂ
වායු ප්රහාර, අංගම් පිඹීම්,
සූනියම් කිරීම්, පිල්ලි යැවීම් ආදිය
6.සෘද්ධිමය ප්රයෝග
සමහර සත්වයන්ට අනුන් නැසිය
හැකි සෘඬි උපතින්ම පිහිටා ඇත.
ඔවුන් බොහෝ විට අමනුෂ්යයෝය.
ඔවුනට තමාගේ ශරීරය
දැක්වීමෙන්, බියගෙන දෙන වෙස්
මවා පෙන්වීමෙන් මිනසුන් අතුළු
සතුන් මැරීමේ හැකියාව ඇත.
මා පියන් මැරීම
තමාව මෙලොවට බිහි කළ
දෙමාපියන් ගෙන් එක් අයකු
හෝ දෙදෙනාම මරනු ලැබූ විට
එය දෙවන ජාතියේදී
නොවැරදීම විපාක දෙන
අකුසලයක් බැවින් ආනන්තරිය
කර්මයක් ලෙස එය සලකනු ලබයි.
මනුෂ්යයකු විසින් නොදැන තම මව
හෝ පියා මරණ ලැබූයේ නම් එහි
දීද ආනන්තරිය අකුසලය සිදුවේ.
එය පැහැදිලි කිරීම පිණිස ඒලක
චතුෂ්කය, චෞර චතුෂ්කය,
සංග්රාම චතුෂ්කය, පලාල
චතුෂ්කය වශයෙන් ආකාර පහක්
දක්වා තිබේ.
1.ඒලක චතුෂ්කය : යම් කිසි
තැනක දවල් එළුවෙක් නිදා සිටිනු
දැක, රාත්රියේ ඌ මරන්නට
සිතා ආයුධයක් ගෙන ගොස් සතාට
පහර දෙන පිට එතන
එළුවා නොමැතිව මව
හෝ පියා සිට පහර කා මිය
ගියේ නම් පහර දුන් තැනැත්තාට
ආනන්තරිය අකුසලය හිමි වෙයි.
මව පියා මැරීමට සිතා පහර
දුන් විට එහි එළුවෙකු සිට මිය
ගියේ නම් පහර දුන් අයට
ආනන්තරිය අකුසලය සිදු නොවේ.
2.චෞර චතුෂ්කය : රාත්රී
කාලයේ සොරෙකැයි සිතා මව
හෝ පියා මරන තැනැත්තාට
අනන්තරිය අකුසලය සිදුවේ.
මා පියන් යයි සිතා සොරෙකු
මරන්නාට එම අකුසලය සිදු
නොවේ.
3.සංග්රාම චතුෂ්කය :
යුද්ධයකදී සතුරන් අතර
පියා සිටිනු දැක "අනිත් සතුරන්ට
පහර දුන් විට පියා පලා යති"
සිතා සතුරන්ට පහර දෙන විට
පියාට පහර වැදී මරණයට පත්
වුවද එයින් ආනන්තරිය පාපය සිදු
නොවේ. පහර දීම පියා මරනු
පිණිස සිදුනොකරන ලද හෙයිනි.
එහෙත් පියා ඉදිරියේ සිටින
සතුරාට වෙඩි තැබූ විට උණ්ඩය
සිරැර විනිවිද ගොස් පියාට
වැදෙන බව දැන වෙඩි තැබූ
විට ඔහු මළේ නම් ආනන්තරිය
අකුසලය සිදුවේ.
4.පලාල චතුෂ්කය : ආයුධය ශුඬ
කර ගැනීමට පිදුරැ ගොඩකට
ඇන්න විට මව හෝ පියා එහි සිට
පහර වැදී මිය ගියේ නම් එහිදී
ආනන්තරිය අකුසලය සිදු
නොවේ.එහෙත් යම් කිසිවෙකු
පිදුරැ ගොඩේ සිටින බව දැන
දැන ඔහු මරමියි
සිතා පිදුරැ ගොඩට ඇන්න විට
මව හෝ පිය එහි සිට මිය
ගියේ නම් ආනන්තරිය අකුසලය
සිදුවේ.
දුකින් මිදවීම පිණිස සතුන් මැරීම
සමහරැ දුක් විඳින සතුන් දුකින්
මිදවීමටය කියා සත්වයන්
මරා දමයි. සත්වයාට තම
ජීවිතයට වඩා ප්රිය ‍දෙයක්
නොමැත. ඔවුන්ට එය නැති වීමට
වඩා අන් දුකක් නැත
කෙසේ හෝ පණ බේරා ගැනීමට
සතුන් සැම විටම උත්සාහ කරයි.
එබැවින් නිදහස් කිරීමට
කියා සතෙකු මැරීම ඒ සතාට
විඳින දුකට වඩා මහත් දුකක් ඇති
කිරීමකි. දුකින් නිදහස් කිරීමටයි
කියා සතුන් මරන අය
තමන්ගේ මව
හෝ පියා හෝ දරැවෙකු කොපමණ
දුක් වින්දද මැරීමට ඉඩ
නොහරියි.එයින්ම එම අදහස
සාධාරණ අදහසක් නොවන බව
පැහැදිලි වෙයි. කරැණා සහගත
සිතින් කිසි කලක සතෙකු මැරිය
නොහැක. සතකු මැරිය
හැක්කේ ද්වේශ සහගත
සිතකින්මය. ද්වේශ සහගත සිත
සැම විටම අකුසලයකි. නිදහස්
කිරීමටයි කියා කරැණාව ඇති
වන්නේ බලවත් මෝහයෙන් ‍හා මඳ
ද්වේශයෙන් යුතුවයි. චිත්ත
චෙතසික ධර්මයන්ගේ විශේෂ
විභාග නොදන්නා අයට
වැටහෙන්නේ එම ද්වේශ සහගත
සිත කරැණා සහගත සිතක්
ලෙසය. දුක් විඳින නිසා හෝ අන්
කරැණක් නිසා හෝ සතෙකු
මරණයට පත් කිරීම ප්රාණඝාත
අකුසලයට අයත් වෙයි.
සිය දිවි නසා ගැනීම
ද්වේෂ සහගත සිතින් කළ විට
පාපයකි.එහෙත් එය දශ අකුසල
කර්ම වලට අයත් වූ ප්රාණඝාත
අකුසලයට අයත් නොවේ.
තමාගෙන් අන්ය සත්වයකු
මැරෑ විට පමණක් ප්රාණඝාත
අකුසලය සිදුවේ. විනය
පිටකයේ සඳහන් පරිදි භික්ෂුන්
වහන්සේ නමක් මිනිසකු
මැරැවහොත් පාරාජිකාවට
පැමිණේ. සිය පණ
නසා ගැනීමෙන්
පැමිණෙන්නේ කුඩා ඇවතකටයි.
සිය පණ හාණි කර ගැනීම හා පර
පණ හාණි කිරීම යන දෙකෙහි
විශාල වෙනසක් තිබෙන බව
මෙයින් පැහැදිලි වෙයි.
ප්රාණඝාත අකුසලයේ අල්ප
සාවද්ය මහා සාවද්ය භාවය
එනම් සිදුවන අකුසලයේ කුඩා බව
විශාලත්වය මෙයින් පැහැදිලි
කරයි. ප්රාණඝාත අකුසල් වල
විපාක එක සමාන නොවේ මරනු
ලැබූ සත්වයාගේ ගුණාගුණවල
හැටියට, මැරීම කරන
උපක්රමයන් ගේ හැටියට,
ක්ලේශයන්ගේ හැටියට අකුසල්
වල කුඩා බව විශාල බව තීරණය
වෙයි. මරණ ලද
සත්වයා ගුණවතකු වූ විට අකුශල
කර්මය විශාල වෙයි. ගුණයෙන්
අඩු අය මැරෑ විට කර්මය
කුඩා වෙයි. මාපියන් හා රහතන්
වහන්සේලාගේ ගුණ බොහෝ වෙයි.
එබැවින් ඔවුන්ව මරණයට පත්
කිරීම ආනන්තරිය අකුසල කර්මයට
හේතු වෙයි. බුදු වරයන්
වහන්සේලාගේ ජීවිත නැසිය
නොහැකි බැවින් බුඬඝාත
කර්මයක් නැත. මරනු ලබන
සත්වයන් ගුණයෙන් සමවූ විට
මහා ශරීර ඇති සත්වයා මැරීම
වැඩි අකුසල විපාක ලැබීමට
හේතු වෙයි මහා ශරීර ඇති සතකු
මැරීමට විශාල උපක්රමයක්
දැරීමට සිදුවීම එයට හේතුවයි.
උපක්රමය අල්ප නිසා කුඩා සතකු
මැරීමෙන් ලැබෙන අකුසල
විපාකය කුඩා වෙයි. මැරීමේදී
ඇතිවන ක්රෝධය වැඩි විට
විපාකය වැඩිවෙයි ක්රොධය මඳ
විට විපාකය අඩුයි.
ප්රාණඝාත අකුසලයේ විපාක
ප්රාණඝාත අකුසල් මගින් කර්මය
කළ තැනැත්තා නරකයෙහි,
ප්රේත ලෝකයෙහි, තිරිසන්
ලෝකයෙහි, උපදවයි. එසේ උපන්
සත්වයා හට රෝගාදී
අන්තරායන් සිදු කෙරයි. එවිට
අඩු ආයුෂ වලන් ‍මරණයට පත්
වීමට සිදු වෙයි. ප්රාණඝාත කළ
පුද්ගලයා වෙනත් කුසලයක්
නිසා සුගතියක උපත ලැබුවත්
අසම්පූර්ණ වූ අංග ප්රත්යාංග
ඇතිව උපදී. උසින් මහතින් අඩු
ශරීර ඇත්තෙක් බවට පත්වෙයි.
දුබල තැනැත්තෙක් වෙයි.
නෙමනා අවයව ඇත්තෙක් වෙයි.
ලෝකයාට අප්රිය කෙනෙක් වෙයි.
අශෝභන ශරීර ඇත්තෙක්
වෙයි.පිරිස් බලය හිමි වුවත්
ලැබෙන පිරිස අතර නෙයෙකුත්
අසමඟිකම් ඇති වී පිරිස් බලය
හීනවී යයි. නොයෙක් විට ශෝක
කරන්නෙක් බවට පත් වෙයි. නිතර
බියෙන් පෙළෙන්නකු වෙයි.
බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි.
සතුරැ ක්රියා වලට නිතර
භාජනය වන්නෙකු වෙයි.
අනෙකකුගේ අතින් බොහෝ විට
මරණයට පත් වීමට සිදුවෙයි.

පිං කිරීම නිවනට බාධාවක්ද?

පින’ හෙවත් ‘පුණ්ය’ යනු සිත කය
වචනය තුළින් කැරෙන යහපත්
ක්රියාය. එම හොඳ කටයුතු කරන
විට ඒ පුද්ගලයා සම්පත්
ලබන්නෙක් වෙනවා. විස්තර
සහිතව පවසන විට දාන, සීල
භාවනා පින්දීම පින්
අනුමෝදනාව, බණ ඇසීම, බණ
දෙසිම, පිදිය යුත්තන් පිදීම,
වතාවත් කිරීම, දෘෂ්ටිය
සෘජුකරන කටයුතු ලෙස දහයකට
බෙදේ. මේවා දස පුණ්ය
ක්රියාය.
මීළඟට අපි දැනගත යුත්තේ කුසල
යනු කුමක් ද? එහි පිනට
වඩා වෙනසක් තිබේ ද? යන්නයි.
කුසල් යනු යම් පාප ක්රියාවක්
සිදු නොවන ස්වභාවයේ පිරිසුදු
මනසක් සකස් වීමයි. එනම්
අභ්යයන්තරයේ තිබෙන ලෝභ,
ද්වේශ, මෝහ දවා හැරීම, දුරු
කර හැරීමයි. අලෝභය,
අද්වේශය, අමෝහය, පර පණ
නැසීමෙන් වෙන් වීම,
අදත්තාදානයෙන් වෙන්වීම,
කාම මිත්යාචාරයෙන් වෙන්වීම,
බොරුවෙන් වෙන්වීම,කේළමෙන්
වෙන්වීම, පරුෂ වචනයෙන් වෙන්
වීම, සම්ප්රපලාපයෙන් වෙන් වීම
යනු දස කුසල් වේ. මෙසේ කුසලය
කැටි කර කොටස් තුනකින් ද,
විස්තර සහිතව කොටස් දහයකින් ද
විස්තර කිරිමට පුලුවන්. පාපයෙන්
වෙන් වීමම කුසල් කියන බව
මෙසේ දැන ගත යුතුය.
හැබැයි පින් කරන පුද්ගලයෙක්
ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන්
යුක්තව කටයුතු කලා නම් ඔහු කල
ඒ පිනෙන් කවදාවත් ඔහුව
සුගතියක යවන්න හේතු නැහැ.
නමුත් උපන් උපන් තැන අදාල
සම්පත් බුක්ති විදින්නට හේතු
තිබෙනවා.
අපි දැන් හිතමු දානපතියෙක්
ඉන්නවා දුගී මගී යාචක ආදි
පුද්ගලයන්ට දන් දෙනවා, උදව්
උපකාර කරනවා. හැබැයි අනිත්
පැත්තෙන් ගෙදර වැඩට ඉන්න
වැඩකාරිටවත් ඉන්න
දෙන්නේ නෑ. ඇතුලෙන්
කරන්නේ බලු වැඩ. රාග, මෝහ
දුශ්චරිතයෙන් කරන කටයුතු
වලිනුයි අභයන්තරය
හැදිලා තියෙන්නේ. මේ කරපු
බලු වැඩ නිසා ඔහු
උපදිනවා බල්ලෙක් වෙලා.
හැබැයි
කෝටිපතියෙකුගේ මාලිගාවක.
දීපු දානයේ පින කොට්ට, මෙට්ට
උඩ ඉදන් විදවනවා. විශේෂ
කෑම බීම, බෙහෙත් ආදි..
සාමාන්ය මිනිහෙකුටත් නැති
සැප සම්පත්තියක් බුක්ති විදිනවා.
පින් කරලා මහත් සැප
සම්පත්තියකට උරුමකම් ලබපු
අතර අකුසලයෙන් තිරිසන්
උප්පත්තියකට උරුමකම් ලැබුවා.
එතකොට නිවන් මගට යොමුවන
සමහර අයගෙ තියෙන දෘෂ්ඨියක්
තමයි.. පින නිවන් මගට
බාධාවක් අපි කුසල් විතරයි
රැස්කරන්න ඕන, පින් කෙරුවොත්
මේ සසර ගමන ඇති වෙනවා, ඒ
හින්දා පින් නොකර කුසල් කර
ගන්න ඕනෙ, භාවනා කරන්න
ඕනෙ, ප්රතිපත්ති රකින්න
ඕනෙ කියල හිතලා… කටයුතු
කරනවා. ඒ..ක සුගතියේ උපදින්න
හේතු වෙනවා. හැබැයි දිව්ය
ලෝකයක ඉපදුනත් අල්පශාක්ය
දෙවියෙක් වෙනවා. ඔහුට සම්පත්
හිගයි. මිනිහෙක් වෙලා උපන්නොත්
හොද නුවන ඇතිව උපදිනවා.
හැබැයි එදා වේල කන්නෙත්
බොහොම අමාරුවෙන්.
එහෙනම් කුසලය සුගතියටත්,
අකුසලය දුගතියටත් හේතු
වෙනවා.
සුගතියේ හෝ දුගතියේ සැප
සම්පත් විදීමට කරපු පින් හේතු
වෙනවා. ආයුෂ, වර්ණ, සැප,
බල, නුවණ ගෙන දෙන
ඥාණසම්ප්රයුක්තව කරන පින්
දහම්, ඒ කිව්වේ යම් කිසි
පුද්ගලයෙක් පිනක් කරන
මොහොතක එයා අලෝභයෙන්
අද්වේශයෙන් අමෝහයෙන් යුක්තව
කලා නම් එයාට පිනයි, කුසලයි
දෙකම එකට හම්බවෙනවා.
එතකොට ඒ ගුණයෙන් උපන්නොත්
එහෙම සුගතියක උප්පත්තිය
ලබලා අසීමිත සම්පතකටත්
හිමිකමත් ලැබෙනවා. දස
කුසලයෙන් ජීවත්
වෙලා ධර්මානුකූලව කටයුතු
කරන කෙනා පිනක්
කරලා පැතුමක් පැතුවා නම් එය
ඉටු වෙනවා කියල බුදු රජාණන්
වසන්සේ දේශණා කර තිබෙනවා.
බුද්ධ දේශනාවේ තියෙන්නේ..
පින් කරන්න බය වෙන්න එපා..
පින කවදාවත් ආර්ය මාර්ගයට
බාධාවක්
වෙන්නෙ නැහැ කියලයි. සීවලි
මහරහතන් වහන්සේගෙ ලැබීම
කවදාවත්
උන්වහසේගෙ විමුක්තියට
බාධාවක් වුණේ නැහැ.
මෙම ලිපියට ඔබ කැමති නම්,
අනෙක් අයටත් කියන්න

නිර්මාංශ වීම තුන් වන ලිපිය නිර්මංශ වීමේ ආරථික වාසිය..(මස් මාංශ වලින් තොර රටක් බිහි කරමු)

නිර්මාංශ ආහාරයේ ආර්ථික
වාසි

ඒ සමාජ තලයන්ගේ ආහාර
පරිභෝජන රටාව
හා ඒවා ලබා ගත හැකි
මාර්ග ද පවතින ආර්ථික
විසමතාව මත රඳ්ර පවතී. මිල
අධික ආහාර වැඩි පෝෂණ
පදාර්ථයන් ගෙන් පරිපූර්ණ
බවට ඇතැම් අය ගේ ඇති
සාවද්ය මතය බැහැර කළ යුතු
ය. අප වෛද්ය සිසුන් ව සිටි
අවධියේ අපගේ ආචාර්යවරුන්
අපට ද ඉගැන්වූයේ සිරුරට
අවශ්ය ප්රෝටීන,
ඇමයිනෝ අම්ලය, විටමින්, ඛනිජ
ආදිය ලබා ගැනීම සඳහා කිරි,
බිත්තර, හරක් මස්, එළු මස්,
පීකුදු වැනි සත්ත්ව ආහාර
ගතයුතු බවට රෝගීන්ට උපදෙස්
දිය යුතු බවයි. අද වුව ද
ඇතැම් වෛද්යවරුන්
මෙසේ අවවාද කරන බැව්
පෙනේ.
අද ආහාරවල මිල අධික වීම
නිසා ජනගහනයෙන් බහුතරයකට
ඊනියා පෝෂණ ගුණයන් ගෙන්
අනූන සත්ව ආහාර ලබාගැනීම
අපහසු වී තිබේ. එම නිසා මිල
අඩු පෝෂ්යදායි ආදේශක
සෙවීමට සිදුව ඇත. මේ ලිපිය
ඊට අත්වැලක් වනු ඇත යනු
අපගේ විශ්වාසයයි.
මාංශ ආහාර නිෂ්පාදනය
සඳහා යන වියදම නිර්මාංශ
ආහාර නිෂ්පාදනය මෙන් හය
ගුණයටත් දහ ගුණයටත් අතර වන
බව පෙනී ගොස් තිබේ. සාරවත්
පසක වගා කරන ආහාරවල
වැඩි කැලරි ප්රමාණයක්
අඩංගු වේ. මස් සහ කිරි
ලබා ගැනීම සඳහා සතුන්ට
දෙන ධාන්ය ඍජුවම
මිනිසාගේ පරිභෝජනය
සඳහා ලබාදෙන්නේ නම්
මිනිසුන් වැඩි ප්රමාණයකට දිය
හැකි ය.
සත්ව පේර¤ටීන කිලෝවක්
නිෂ්පාදනය කිරීම
සඳහා නිර්මාංශ ප්රෝටීන
කිලෝ 8 ක් පමණ අවශ්ය වෙයි.
මාංශ
ආහාරයේ කොලෙස්ටරෝල්,
සංතෘප්ත මේදය සහ අනිකුත්
රසායන ද්රව්ය හේතු කොට
ගෙන මහ බඩවැල, පියයුරු සහ
පුරස්ථි ග්රන්ථියේ ව
පිළිකා සෑදීමේ අවදානම
වැඩි කරයි. එසේ ම
දියවැඩියාව, ස්ථුලත්වය,
වකුගඩු රෝග ආදියට ද
හේතුකාරක විය හැකි ය.
මිනිසා නිර්මාංශ ආහාර ගත්
විට ඒවා හොඳින් දිරවුවහොත්
සතුන්ට ඒවා කවා, මස්, පීකුදු,
හැම්, බේකන්, සොසේජස් ආදී
වශයෙන් ආහාර කොට
ගන්නවාට වඩා පෝෂණ
පදාර්ථ ලබාගත හැකි ය.
සතුන් ඒවා මිනිසාගේ ආහාර
බවට පරිවර්තනය
කරන්නේ අර්ධ වශයෙනි.
නිර්මාංශ හා මාංශ ආහාර
කිහිපයක පෝෂණ අගයන්
විමසා බලමු.
බිත්තර - (ග්රෑම් 100 ක)
කැලරි, 176, වේදය ග්රෑම්
13.3 කැල්සියම් මි.ග්රෑ. 60,
යකඩ මි.ග්රෑම් 2.1, කැරොටීන්
මි.ග්රෑ. 360
කුකුළු මස් - පේර¤ටීන
ග්රෑ 25.9 , කැලරි 109,
මේදය ග්රෑ. 0.6 කැල්සියම්
මි.ග්රෑ. 25
එළු මස් - කැලරි 194, පේර
¤ටීන ග්රෑ. 18.5, මේදය
ග්රෑ. 13.3 කැල්සියම් මි.ග්රෑ.
150, යකඩ මි.ග්රෑ. 2.5,
කැරොටීන් මි.ග්රෑ. 90
ඌරු මස් - කැලරි 114, පේර
¤ටීන් ග්රෑ. 18.7, මේදය
ග්රෑ. 4.4, කැල්සියම් මි.ග්රෑ.
30, යකඩ මි.ග්රෑ. 2.2
මාළු - කැලරි 650, පේර¤ටීන
ග්රෑ. 16.6, මේදය ග්රෑ 1.4,
කැල්සියම් මි.ග්රෑ. 1.0
සෝයා - කැලරි 342, ප්රෝටීන
43.2. මේදය ග්රෑ. 19.5,
කැල්සියම් මි.ග්රෑ. 240, යකඩ
මි.ග්රෑ. 11.5, කැරොටීන්
මි.ග්රෑ. 426
පරිප්පු - කැලරි 372, ප්රෝටීන
ග්රෑ. 24, මේදය ග්රෑ. 1.4,
කැල්සියම් මි.ග්රෑ. 154, යකඩ
ග්රෑ. 9.1, කැරොටීන් ම.ග්රෑ.
12.9
ටකජු - කැලරි 567, පේර¤ටීන
මි.ග්රෑ. 25.3, කැල්සියම්
මි.ග්රෑ. 40.1, යකඩ මි.ග්රෑ.
40.1, යකඩ මි.ග්රෑ. 2.8,
කැරොටීන් මයි ග්රෑ. 37
ඇතැම් වෛද්යවරුන්
පවා මාංශ ආහාර වල වැඩි
පේර¤ටීන හා කැලරි
ප්රමාණයක් ඇතැයි පැවසුවත්
ඇත්ත වශයෙන් ම ඇත්තේ අඩු
ප්රමාණයකි. මේ අනුව
මිනිසා අඩු පෝෂක ප්රමාණයක්
ලබාගැනීම සඳහා වැඩි මිලක්
ගෙවනු ලැබේ.
මාංශ ආහාරවල
පිළිකා වළකාලීමෙහි සමත්
තන්තු අඩංගු නොවේ. මාංශ
ආහාර උසස් වන්නේ ද නැත.
පෝෂණ
පදාර්ථවලින් පරිපූර්ණ
වන්නේ ද නැත. ලාබදායක ද
නොවේ. කිරි බිත්තර වැනි
සත්ත්ව ආහාරවල ඇති පේර
¤ටීන ඇතැම් එළවළු පේර
¤ටීනවලට වඩා උසස් බව
සැබෑ මුත් ලැගසුම් වර්ගයට
අයත් සෝයා, පරිප්පු, රටකජු,
මෑකරල්, දඹල වැනි ආහාර
මගින් එය පිරිමසා ගත හැකි ය.
අනිකුත් සියලුම එළවළු
හා පලතුරු ඉතා උසස්
ගණයේ පේර¤ටීන, කැලරි,
විටමින්, ඛනිජ, තන්තු ආදිය
අඩංගු වේ. නිර්මාංශ ආහාර
පිළිකාජනක නො වේ.
ඒවා ගැනීම නිසා ස්ථුලත්වය,
අධික රුධිර පීඩනය,
දියවැඩියාව, කොලෙස්ටරෝල්
අධික වීම වැනි රෝගාබාධ
වලට ගොදුරු වන්නේ ද නැත.
දුප්පත් පොහොසත් කාහටත්
බලපාන අන්දමින් ජීවන වියදම
වැඩි වමින් පවතින බව රහසක්
නො වේ. එම නිසා කාගේත්
අවශ්යතාව වන්නේ තම තමාට
අවශ්ය දේ අඩු වියදමකින්
ලබා ගැනීමයි. නිර්මාංශ
ආහාර, ගැටලුවට සුදුසුම
පිළිතුර වේ. නාගරික
බොහෝ දෙනකු මිල අධික හරක්
මස්, එළු මස්, ඌරු මස් වැනි මිල
අධික සත්ත්ව ආහාරවලින්
බැහැර වී කුකුළු මස් සහ මාළු
වෙත අවධානය යොමු කොට ඇති
බවක් පෙනේ. ඒවා ද මිලදී
ගැනීමට වත්කමක් නොමැති අය
ආදේශකයක් වෙත සිත්
යොමා ඇත.
අවශ්ය සියලු පෝෂණ
ගුණයන්ගෙන් හෙබි නිර්මාංශ
ආහාර ඔවුනට අතදීමට මඟ
බලා සිටී. මේවා සත්ත්ව
ආහාර තරම් මිල අධික නැත.
සංතෘප්ත
මේදය, ;කාලෙස්ටරෝල්,
ප්රතිජීවක, හෝමෝන මෙන් ම
නයිටේ්රට් වැනි වස විස ද
අඩංගු නො වේ.
ධනවතුන්ට තම ධනය ඔවුනට ම
ශාපයක් වී ඇති බවක්
නො පෙනේ ද? ඔවුන්ට මාංශ
ආහාර, කිරි ආහාර සහ කට්ලට්,
පැටීස්, පීසා වැනි ක්ෂණික
ආහාර ගැනීමට හැකියාවක්
ඇත. එසේ ම ඒවා නිසා ඇතිවන
රෝගාබාධ වෙනුවෙන්
ප්රතිකාර සඳහා වියදම්
දැරීමට ද හැකියාවක් ඇත.
එහෙත් බෙලහීනව ජීවත්වමින්
සිට අකාලයේ මිය යාම ඔවුනට
දැරිය හැකි ද?
මාංශ ආහාරයට හුරු පුරුදු වී
සිටි අයකුට නිර්මාංශ ආහාර
ගන්නා මුල් අවධියේ වැඩි
ප්රසන්නතාවක් ඇති නොවන්නට
පුළුවන.
එහෙත් ටික දිනක් ඇවෑමෙන් එම
තත්ත්වය පහව යයි. එපමණක්
නොව ලෙඩ අඩු බව, පෙර තිබූ
අලස බව පහ වී තිබීම,
හෘදයාබාධ, පිළිකා,
වාතාබාධ,ඉතා අඩු වන බව සෘජුවම ප්‍රකාශ කළ හැක..
*බුදු දහමට අනුව බැලුවත්,නවීන විද්‍යාවට අනුව බැලුවත් නිර්මාංශ වීම තාර්කික බව කිව යුතුය..

තෙරුවන් සරණයි..

නිර්මාංශ දෙවනි ලිපිය(මස් මාංශ වලින් තොර රටක් ගොඩ නගමු)

දේවදත්ත ඉල්ලූ වර පහ
දෙපැත්ත කැපෙන පිහියකි
දේවදත්ත ඉල්ලූ වර පහ
දෙපැත්ත කැපෙන පිහියකි
පූජ්යපාද සාහිත්යශූරී ආචාර්ය
බුද්ධගයාවේ සිසිලචjද්ර
මෛත්රිය හිමි
මොන අන්දමේ උපක්රම යෙදුවත්
බුදුරදුන් ශාරීරිකව නසාලන්නට
නොහැකි බව සක්සුදක් සේ තේරුම්
ගත් දෙව්දත් තෙරුන් සද්ධර්මය
හෝ නසලමි යන අධිෂ්ඨානයට
පැමිණියේය. භික්ෂුන්
වහන්සේ අත්තකිලමතානු යෝගයට
ඇද දමා හෝ සංඝ බේදය
ඇතිකිරීමේ කුමන්ත්රණකාරී
සිතුවිල්ලක් තබාගෙන අමතර
ශික්ෂාපද පහක් පනවන්නැයි
බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේය.
1. සියලු කල්හි භික්ෂුන් පිණ්ඩපාතික
විය යුතුය.
2. සියලු කල්හි රුක්මුල්
සෙවණේ බවුන් වැඩිය යුතුය.
3. සියලු කල්හි ශුන්යාගාරවල
වැඩවාසය කළ යුතුය.
4. පාංශකූල සිවුරු පමණක්
පරිහරණය කළ යුතුය.
5. මාංශ පරිභෝජනයෙන්
වැළකිය යුතුය.
දෙව්දතුන්ගේ සූක්ෂම උපාය
දිවැසින් දුටු බුදුරදුන් මුනිවත
රකිමින් මුවින් නොබැණ වචනයකින්
හෝ පිළිතුරු නොදී වැඩසිටියහ.
වස්සාන කාලයේ වස් විසීමට
සිදුවන හෙයින් භික්ෂුන්ට
පිඬුසිඟා වැඩිය නොහැකිය.
ශුන්යාගාර යනු අමු සොහොන් සහ
එවැනි අතිශුන්ය ස්ථානයන්ය.
සදහටම එවැනි ස්ථානවල විසීම
අත්තකිලමතානුයෝගයකි.
රුක්මුල්වල වසමින් බවුන් වැඩීම ද
කළ නොහැකි අන්තවාදයකි. මළ
මිනී රෙදිවලින් ඔතා කනත්තට
විසිකිරීමක් ඉදිරි අනාගත
කාලයේදී සිදු නොවන බව
දෙව්දත් නුවණට නොපෙනුනාට
බුදු නුවණට පෙනෙන්නට ඇත.
මේ වර හතරම මධ්යම
ප්රතිපදාවට පටහැනි
අත්තකිලමතානුයෝගයයි.
මෙලෙස දෙව්දත් පනවන්නට
ඉල්ලා සිටියේ එකක් දෙකක් නොව
වර පහම එකවරය. මෙවන්
ශික්ෂාපද පැනවූවා නම්
බුදුරදුන් ජීවමාන කාලයේදීම
භික්ෂුන් වහන්සේලා ශාසනය
හැර දමා යනු ඇත. එයම
සම්බුද්ධ ශාසනයේ අවසානය
වනු ඇත.
අවසන් වරය ලෙස දෙව්දතුන්
ඉදිරිපත් කළේ භික්ෂුන්
වහන්සේලා මාංශවලින් තොරව
සිටීමේ වරයයි. මෙය කෙටියෙන්ම
පවසනවා නම් විෂගුලියකට උඩින්
පැණි වත්කර රස ගුලියක් කිරීමකි.
එම වරය තම වාසියට තීන්දු
කරන ඇතැමකු පවසන්නේ කැමති
අය ඒ අනුව ක්රියා කරපුදෙන්,
අකමැති අය නොකරපුදෙන්
යනුවෙන් බුදුරදුන් දෙසූ බවය.
සම්බුදුරදුන් දෙසූ ශ්රී මුඛ උතුම්
කරණීය මෙත්තසූත්රය පරිදි
උන්වහන්සේ උජූත සුජූත rජු සහ
වඩාත් rජුව කටයුතු කරන
උතුමෙකි. සම්බුදුරදුන්
වැනෙනසුළු වචන පවසන්නකු
නොවේ. මෙම
අවස්ථාවේ උන්වහන්සේ ඉතා නිහ
ඬ පිළිවෙතක් අනුගමනය කළහ.
පිළිතුරු නොදිය යුතු ප්රශ්න පිළිබඳ
සම්බුදු පිළිවෙත එයයි. දේවදත්ත
වර පහම එකවර පැනවීමට
ඉල්ලා සිටියා මිස එක එක වරය
වෙන වෙනම ඉල්ලා නොසිටි බවද
අවසන් වරයට වෙනම සිල්පදයක්
අනවශ්ය බවද දැනගතමනාය.
ඒ මක්නිසාද, අවසන් වරය
හෙවත් නිර්මාංශ වරය ගැන
ඉතා සියුම් විග්රහයක් එකී වරය
මාංශ වැළඳීමට නිදහසට
කරුණක් වශයෙන් සිතන්නන් වෙත
මෙසේ ඉදිරිපත් කරමු.
මවක් තම එකම පුතුට
දිවිපුදා හෝ දක්වන මෛත්රිය
මෙන් සියලු සත්වයන් කෙරෙහි
මහා කරුණාව දැක්විය යුතු බව
උතුම් කරණීය මෙත්ත සූත්රයෙන්
දක්වා ඇති නිසාත්
"සබ්බේ සත්තා භවන්තු
සු�තත්තා" යනුවෙන් එහි
දෙවතාවක් උච්චාරණය කර ඇති
නිසාත් නිර්මාංශ වරයක්
අනවශ්යය. සතුන්ට මෛත්රිය
කරමින් උන්ගේ මාංශ අනුභව කළ
නොහැකිය.
සත්ව ඝාතනයට එයට අනුබලදීම
සියලු සතුන් දඬුවමට මරණයට
බියවෙති යන්න තමන්ට අනුරූපව
සිතන්න යෑයි බුදුරදුන්
දෙසා වදාරා ඇති නිසාත්,
ප්රථම සිල්පදයේ පැහැදිලි
අරුත තමන් නොමරමි, සොමරවමි,
මැරීමට අනුබල ද නොදෙමි.
මැරීම සිත කය වචනයෙන් අනුමත
ද නොකරමි යන්න ගම්යමාන වන
නිසාත් විශේෂ නිර්මාංශ
ශික්ෂාවක් අනවශ්යය.
නොකළ යුතු වෙළ¹ම්වලට
ප්රථමයෙන් සහ දෙවනුව ඇතුළත්
වන්නේ මාංශ සහ සතුන් යෑයි
බුදුමුවින් දේශනා කර ඇති නිසාත්
හේතුඵලවාදය අනුව මාංශ
අනුභවය නොකළ යුතු වෙළෙ¹මට
අනුබල දීමක් වන නිසාත් අනේක
ජාති සංසාරයේ තමන්
වහන්සේගේම ඇස්, ඉස්, මස්,
ලේ මිස අන්යයන්ගෙන් බලෙන්
ලබාගත් දෑ දන්දී නොමැති
නිසාත්
වස්සානකාලයේ පොළොවෙන්
මතුවන පෙනෙන නොපෙනෙන
කෘමීන්ට සහ තණකොල පත්වල
අලවන ඔවුන්ගේ බිත්තර නමැති
දරු පැටවුනට පතල
මහා කරුණාව නිසා වස්විසීම
අනුදැන වදාළ නිසාත්
(පිණ්ඩපාතයේ නොයෙදී)
අට පිරිකරට ඇතුළත් එක් පිරිකරක්
වශයෙන් පෙරහන්කඩය
නියමකළේ එකල සම්බුදු ඇසට
ජලයේ සිටින නානාවිධ ක්ෂුද්ර
ජීවීන්ගේ ජීවිත අයිතිය
රැකදීමටත් ජලය පානය කළ පසු
එම පෙරහනය
ජලයේ ගසාදැමීමටත් වඩින
වඩින අවස්ථාවලදී පෙරහන්කඩය
ගෙන යැමට යෝජනා කිරීමත්
අමතක වූ අවස්ථාවක
සිවුරේ කොනකින් ජලය පෙරාබී
එම සිවුරු කොනද
වතුරේ ගසා දමා නොපෙනෙන
ජීවිත බේරන ලෙසත් නියම
කළේ වෙනම නිර්මාංශ වරයක්
අනවශ්ය නිසාවෙනි.
නවදොරින් ජරාව වැගිරෙන
දෙතිස් කුනු පයක් වන් මිනිස්
සිරුරට තවත් එවැනිම කුණුප
කොටස් ඔබා නොගැනීමට වෙනම
සිල්පදයක්(වරයක්) අනවශ්ය
නිසාත් මහණෙනි, බුදු ඇසටද
අගමුල නොපෙනෙන මෙම අති
දීර්ඝ සංසාරයේ අපට
දෙමව්පිය, සහෝදර දූදරු,
ස්වාමිභාර්යා නොවූ කිසිදු
සත්වයෙක් නොමැති බවද
(එසේ නම් අප ආහාරයට
ගනුයේ අපගේම ලේ ඥතීන් බව
නොකියා කිවූ බවත්)
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා
සතර බ්රහ්මවිහරණ මාංශ
පාත්රයක නොමැති හෙයින් ඒ
පිළිබඳ වෙනම වරයක් අනවශ්ය
නිසාත්, කරණීය මෙත්ත
සූත්රයේ ප්රථම
කොටසේ මෙත්රිය
කරන්නාගේ ගුණාංග දහහතරෙන්
සියල්ලම මාංශ අනුභව
නොකරන්නකුගේ ගුණාංග
නිසා අලුතින් වෙනම වරයක්
අනවශ්යය.
එක සතකු මැරීමට (මාංශ
වැළඳීමට) ඝාතකයන් පස්දෙනකු
සිටී. මැරීමට නියම
කරන්නා මරන්නා,
පාරිභෝජකයා, උයන්නා, අනුභව
කරන්නා වශයෙන් බුද්ධ
දේශනවල සඳහන්ව ඇති නිසාත්,
දිට්ඨං සුතං පරිසංකිතං,
ජීවකබමුණ දැකීමෙන් ඇසීමෙන්
සැකයක් ඇතිවීමෙන් මාංශ
කලවම් නැති බවට පිරිසිදු වූ
ත්රිකෝටික පාරිශුද්ධ මාංශ මම
වළඳමි. තුන්කල් පෙනෙන බුදු
ඇසට සියල්ල පෙනෙන නමුදු එය
දේශනා කළේ පෘථග්ජනයන්
සඳහාය. මියගිය ක්ෂණයක්
පාසා කුණුවී යන මළ සිරුරක්
කෙසේද වැළඳිය යුතු
ත්රිකෝටිකයක් වන්නේ? එසේ නම්
එය ප්රථම සිල්පදයට පමණක්
නොව සියලු සිල්පදවලට ද
ත්රිකෝටික විය යුතුය.
ජීවමාන බුදුවරයකුට පූජා කරන
සිව්පස දානයක් හා සමාන
අභයදානය යන උතුම්ම දාන
සංකල්පය සුනුවිසුණු කොට සතුන්
මරා උයන ලද සත්ව මාංශ
පාත්රයක ජීවිතදාන සංකල්පය
නොමැති බව කොයිකවුරුත්
දන්නා නිසා දෙව්දත්ගේ අවසන්
නිර්මාංශ වරය අනවශ්ය බැවිණි.
මිනිස් ශරීර අවයව සියල්ල
පිහිටා ඇත්තේ නිර්මාංශ
ආහාරවලින්
දිවිරැකගන්නා සත්වයන්ගේ පරිදි
බව ඕනෑම පොතපත කියවූ
බුද්ධිමත් අයකු දන්නා නිසාත් ඒ
දැනුම සඳහා විශේෂ සිල්පදයක්
අනවශ්ය නිසාත්, භික්ෂුන්
හෝ ගිහියන් සත්ව මාංශ භක්ෂණය
කරන්නේ කුසගින්නට නොව
රසතෘෂ්ණාව නිසා බවත්,
තෘෂ්ණාව නිවනේ දොරටුව
නොවන බව භික්ෂුන් දැනගත යුතු
නිසාත්, ඒ සඳහා වෙනම
සිල්පදයක් පැනවීම තේරුමක්
නොමැති දෙයක් නිසාත්, කොටින්ම
මෙම සංසාරගත
වෛරක්කාරයා කුමකට එන්නේද
යන්න සම්බුදුරදුන් හො¹කාරවම
දැන සිටියහ.
මේ ආදී මෙකී නොකී විශාල කරුණු
කාරණා රාශියක්
නිසා නිර්මාංශ වීමේ මෙවන්
නිෂ්ඵල වරයක් හෝ ශික්ෂාවක්
පැනවීම පූòවශයෙන්ම අනවශ්ය
බව දහම තේරුම්ගත් වත_මාන
ගිහි පැවිදි සියල්ලන්ම හො¹කාරව
දනිති.
දෙව්දත්ගේ ක්රියාපටිපාටිය
උපේක්ෂාවෙන් නිහඬව
ඉවසා වදාළ බුදුහිමියන්
කෙරෙහි තව තවත් වෛර බැඳගත්
දෙව්දත් තෙර ප්රති පිළිතුරු
නොමැති කල එතැනින් නික්ම
ගියේය.
මාංශ වැළඳීමට දෙව්දත් තෙර
ඉදිරිපත් කළ අවසන් වරය
බලපත්රයක් කර නොගැනීමට
වගබලාගන්නා ලෙස ගිහි පැවිදි
බෞද්ධ සැදැහැවතුන්ගෙන් ධම_
සංවේගයෙන් යුතුව
ශාසනාලයෙන් ඉල්ලමු. දෙව්දත්
තෙරගේ වර ඉල්ලුම දෙපැත්ත
කැපෙන පිහියකට උපමා කළ
හැකි බව තවදුරටත් ප්රකාශ කළ
හැකිය

Sunday, April 24, 2011

බුදු දහමේ යථාර්තය

බෞදධයින් බොහෝ වෙලාවට අද වනවිට ධර්මයට අධර්මය කියනවා,අධර්මයට ධර්මය කියනවා..මම හිතන විදිහටනම් බෞද්ධයින් බුදු දහම නිර්වචනය කර ගෙන ඇති ආකරය වැරැද්දක් ඇති බව පෙනෙන්න තියෙනවා..
උදාහරණයක් ලෙස ගත් කළ,සතෙක් මරන විට අපි පව් කියලා හිතන්නේ නෑ,නමුත් ඒ සතාව මරලා ඊට පස්සේ ඌට පයින් ගසුවොත් හෝ පොල්ලකින් ගැසුවොත් අනේ පව් යැයි පවසනවා..පවක් සිදුවීමට ඒ ඒ සත්වයාගේ විඤ්ඤානය බලපානවා..අපි ගස්,ගල්,මල සිරුරු මේවාට කරන හානි වලින් පව් සිද්ද වෙන්නෙ නෑ,.එහෙම පව් සිද්ද වෙන්නෙ නැත්තේ ඒවාට විඤ්ඤානයක් නොමැති නාසායි..
ඒ වගේම අපි සිතාගෙන සිටින දෙයක් තමා සිංහයින්,කොටින් උන්ගේ ආහාරය පිණිස සතුන්ව මරාගෙන ආහරයට ගැනීම එම සතුන්ට පව් ගෙන දෙන ක්‍රියාවක් බවයි..නමුත් එය එසේ සිදදවන්නේ නැත.මන්ද සතුන්ට බුදධියක් නොමැති කම නිසාය...නැතිනම විඤ්ඤානය අඩුකම නිසායි...නමුත් මිනිසාට මේ සියලු ගති ලක්ෂණ තියෙන නිසා.,පව් අකුසල් අඩු පාඩු නැතිවම ලැබෙනවා..

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Friday, April 22, 2011

නිර්මාංශ වීම (මස් මාංශ වලින් තොර රටක් ගොඩ නගමු)..

නිර්මාංශ බව ගත් කළ සමාජයේ නොයෙකුත් මති මතාන්තර හට ගෙන ඇත..ඊට හේතූව වී ඇත්තේ බුදු දහමේද එයට පැහැදිලි දේශනාවක් නොමැති කම නිසාය..එය කෙසේ වුවද,අපි මිනිසුන් වශයෙන් ආහරයට ගත හැකි දේ බොහෝය..එම නිසා පෝෂණ මට්ටම පිළිබද ගැටලුවක් ඇත වන්නේ නැත..නවීන විද්‍යාවට අනුව සතුන් මැරීමේදි,ඔවුන්ගේ වේදනාව නිසා මස්,මලු තුල රසායනික ද්‍රව්‍යක් නිපදවන බව සොයා ගෙන ඇත..එම නිසාම නොව අපට මෙන්ම සතුන්ද වේදනාව මරණ බිය දැනෙනවා ඇත..පන්සිල් පද 5ට අයත් නොවුනත් මස් මළු මිලදී ගැනීමේදී වක්‍රා කාරව හෝ අපි එයට සමබන්ද වෙනවා කියලා තමා මගේ හැඟීම..කොහොම වුනත් නිර්මාශ බව හොඳයි කියලා තමන්ට හිතෙනවනම් එහෙම වෙන එක තමා හොඳ.වැරැද්දක් කරනවා කියලා හිත හිත දෙයක් කලාම ඒක වැරද්දක් නොවුනත් පවක් සිද්ද වෙනවලුනේ..බුදු දහමෙත් කියලා තියෙනවනේ,ක්‍රියාව නෙවේ චේතනාවයි කර්මයට මුල් වෙන්නේ කියලා.. ඒ පිළිබදවත් සිතලා නිර්මාංශක වීම වැදගත් බව මගේ හැගීමයි..

සියල්ලන්ටම තෙරුවන් සරණයි!