ප්‍රසිද්ධ ලිපි

Friday, April 22, 2011

නිර්මාංශ වීම (මස් මාංශ වලින් තොර රටක් ගොඩ නගමු)..

නිර්මාංශ බව ගත් කළ සමාජයේ නොයෙකුත් මති මතාන්තර හට ගෙන ඇත..ඊට හේතූව වී ඇත්තේ බුදු දහමේද එයට පැහැදිලි දේශනාවක් නොමැති කම නිසාය..එය කෙසේ වුවද,අපි මිනිසුන් වශයෙන් ආහරයට ගත හැකි දේ බොහෝය..එම නිසා පෝෂණ මට්ටම පිළිබද ගැටලුවක් ඇත වන්නේ නැත..නවීන විද්‍යාවට අනුව සතුන් මැරීමේදි,ඔවුන්ගේ වේදනාව නිසා මස්,මලු තුල රසායනික ද්‍රව්‍යක් නිපදවන බව සොයා ගෙන ඇත..එම නිසාම නොව අපට මෙන්ම සතුන්ද වේදනාව මරණ බිය දැනෙනවා ඇත..පන්සිල් පද 5ට අයත් නොවුනත් මස් මළු මිලදී ගැනීමේදී වක්‍රා කාරව හෝ අපි එයට සමබන්ද වෙනවා කියලා තමා මගේ හැඟීම..කොහොම වුනත් නිර්මාශ බව හොඳයි කියලා තමන්ට හිතෙනවනම් එහෙම වෙන එක තමා හොඳ.වැරැද්දක් කරනවා කියලා හිත හිත දෙයක් කලාම ඒක වැරද්දක් නොවුනත් පවක් සිද්ද වෙනවලුනේ..බුදු දහමෙත් කියලා තියෙනවනේ,ක්‍රියාව නෙවේ චේතනාවයි කර්මයට මුල් වෙන්නේ කියලා.. ඒ පිළිබදවත් සිතලා නිර්මාංශක වීම වැදගත් බව මගේ හැගීමයි..

සියල්ලන්ටම තෙරුවන් සරණයි!

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඕක කරන්න පුළුවන් දෙයක් නෙමේ. වැදගත් වන්නේ සතුන් මැරීමෙන් වැලකිලා ඉන්න එක. බුදු හාමුදුරුවෝ කිසි තැනක මස්මංස කන්න එපා කියල ශිකෂා පදයක් දාල නැ. එ වගේම දේවදත්ත "මස් මාංශ කෑම අකැපයි" කියල ශික්ෂා පදයක දාන්න කියපු වෙලාවේ බුදු හාමුදුවෝ එක ප්‍රතික්ෂේප කලා. එකට හේතුව හුදෙක්ම පෞද්ගලික රුචිකත්වය පිලිබඳ ප්‍රශ්නයක් වීම.

    ReplyDelete